ජලජ ශාක මහවැලි ග‍ඟේ අතුරු ජලාශ ආක්‍රමණය කරලා | දිනමිණ

ජලජ ශාක මහවැලි ග‍ඟේ අතුරු ජලාශ ආක්‍රමණය කරලා

විනාශයට ගිය පොල්ගොල්ල නවයාලතැන්නේ මහවැලි ග‍ඟේ අතුරු ජලාශ

පොල්ගොල්ල, නවයාලතැන්න ප්‍රදේශයේ පිහිටි මහවැලි ග‍ඟේ අතුරු ජලාශ රැසක්ම මේ වනවිට සැල්වීනියා ජපන් ජබර දිය බෙරලිය ජලජ ශාකයන්ගෙන් වැසී ඇත.

මේ නිසා ජලාශවල වෙසෙන ජලජ ජීවින්ගේ ජීවන පැවැත්මට ද විශාල තර්ජනයන් එල්ලවී ඇති අතර, එහි පරිසර පද්ධතින්ට ද පාරිසරික වශයෙන් මහත් හානියක් සිදුවෙමින් පවතින බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.

එසේම මේ ජලජ ශාකයන්ගෙන් ජලාශවල ජලය පිටකෙරෙන ජල මං ඇහිරී ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු හා අනෙකුත් දෛනික අවශ්‍යතාවන් සඳහා ජලය ලබා ගැනීමේදී ද ප්‍රදේශවාසීන් ගැටලු රැසකටද මුහුණපා ඇත. තවද වැසි දිනවලදී ද ‍ෙම් ජලාශයන් පිටාර ගලා විශාල හානි සිදුවේ.

මේ ජලජ ශාකවලින් ඉතා හොඳ කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි බව ද දැනට සිදුකර ඇති පර්යේෂණවලින් පෙන්වාදී තිබේ.

එබැවින් ඒ පිළිබඳව ද අවධානය යොමුකොට දැනට මහත් ව්‍යසනයක්ව පවතින මෙම ජලජ ශාකයන් ඉවත් කරදෙන ලෙස පොල්ගොල්ල මහවැලි සංවර්ධන අධිකාරියේ අදාළ බලධාරින්ගෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

පාතදුම්බර යූ. එස්. නිමල්

නව අදහස දක්වන්න