නිලාවේලි වෙරළ තිරයට අයත් ඇලස්වත්ත ප්‍රදේශයේ ඇවිදමින් සිටි චින ජාතික යුවතියන් දෙදෙනකුගෙන් එක් යුවතියක් සතු අත්බැගයක් කොල්ල කා පලායමින්සිටි කොල්ල කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනිමට උප්පුවේලි පොලිසියේ පාමුර සංචාරයේ යෙදිසිටි පොලිස් නිලධාරින් පිරිසක් සමත්වුහ.
මෙම චින යුවතියන් දෙදෙනා බිජිංනුවර විශ්ව විද්‍යාලයක ජනසංනිවේදන උපාධිය හදාරණ සිසුවියන් දෙදෙනෙකි.එක් යුවතියක් සතුව තිබු මෙම අත්බැගය උදුරා පැනයද්දි පාමුර සංචාරයේ යෙදි සිටි සැරයන්වරුන් වන (22131) දිසානායක (52051) කුමාර්, කොස්තාපල් වරුන් වන (31255) ගුණසේන (63724) චන්ද්‍රකුමාර් යන නිලධාරින් කාන්තා අත්බැගයක් රැගෙන එන දෙදෙනකු පිළිබද සැකසිතී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි මෙම කොල්ලකෑම අනාවරණය වි තිබේ.
අනතුරුව ක්‍රියාත්මක වු වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක තේජා පෙරේරා මහතාගේ මෙහෙයවිමෙන්පොලිස් පරික්ෂක නිහාර් සැරයන් (19626)විජේකෝන් යන නිලධාරින් විමර්ශණ ආරම්භ කළහ. අත් බැගයේ තිබි රුපියල් 64000ක් ඇමෙරිකානු ඩොලර්120ක් චින යුවාං මුදල් 114ක් චින ඒ.ටි.එම්. බැංකු කාඩ් පත් හතරක් ඇතුලු භාණ්ඩ ඒ ආකාරයටම සුරක්ෂිතව තිබි ඇතැයි පොලිසිය කියයි.උප්පුවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
කන්තලේ සමුහ සුමිත්‍රා කුමාරිහාමි
නව අදහස දක්වන්න