මාතර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වැඩ අරඹයි | දිනමිණ

මාතර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වැඩ අරඹයි

මාතර එස්. එස්. පී. වශයෙන් ජී. එච්. මාරපන මහතා වැඩ භාරගැනීම

මාතර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් ජී. එච්. මාරපන මහතා ආගමික ආශිර්වාදය මධ්‍යයේ ශුභ නැකතින් රාජකාරි කටයුතු අරඹන ලදී.

පසුගියදා මාතර පොලිස් අධිකාරි වශයෙන් රාජකාරි කටයුතු කළ මාරපන මහතා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර ඇත.

මාතර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා පසුගිය පෙබරවාරි 26 වැනිදා විශ්‍රාම යෑමෙන් පසු මේ ධුරය මාස 3ක් තිස්සේ හිස්ව තිබුණි.

තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල මහතා මේ ධුරය වැඩ බැලීම සිදුකළ අතර මේ පත්වීම සමඟ මාතර දිස්ත්‍රික්කයේ මෙතෙක් අඩුවක්ව තිබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරය සැපිරී ඇත.

මාතර සමූහ

නව අදහස දක්වන්න