ගම්පහ පිළිකා සුව සරණ සාධු සමාජයෙන් ප්‍රජා සත්කාරයක් | දිනමිණ

ගම්පහ පිළිකා සුව සරණ සාධු සමාජයෙන් ප්‍රජා සත්කාරයක්

ගම්පහ සංචාරක - නිමල් ජයසිංහ
රිදී විහාරයේ තරුණ බෞද්ධ සංගමයේ අනුශාසක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ට අටපිරිකර පූජා කරමින්.

ගම්පහ පිළිකා සුව සරණ සාධු සමාජයේ ප්‍රජා සත්කාර වැඩපිළිවෙළ යටතේ එම සංවිධානයෙන් මාසිකව ආධාර හා ප්‍රතිලාභ ලබන ප්‍රතිලාභීන් සියදෙනෙකුට (100) ආසන්න පිරිසකට ඓතිහාසික රිදී විහාරය සහ රම්බඩගල්ල, රිදීගම, මොනරාගල පිරිවෙන් විහාර භූමියේ ඉදිකර ඇති ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව එම සුව සරණ සාධු සමාජය මඟින් පසුගියදා (මැයි 27) ලබාදෙන ලදී.

මේ ප්‍රතිලාභීන් පිරිස සහ සුව සරණ සාධු සමාජයේ ක්‍රියාකාරී නිලධාරීන් ඇතුළු සාමාජික සාමාජිකාවන්ගෙන් පිරිසක් ද සමඟ මේ වන්දනා චාරිකාව ගම්පහ සිරි සුනන්දාරාම විහාරස්ථානයෙන් බස් රථ තුනකින් පිටත්වූ අතර සුව සරණ සාධු සමාජයේ ප්‍රධාන පැවිදි අනුශාසක පූජ්‍ය තුම්මෝදර හිමිපාණන් විසින් පිටත්වීමට පෙර ආශීර්වාද පිරිතක් සජ්ඣායනා කොට අනුශාසනාවක් කරන ලදී.

වන්දනා චාරිකාව සඳහා පිටත්වුණු පිරිස. 

 

වන්දනා චාරිකාව සඳහා පිටත්වුණු පිරිස. 

නව අදහස දක්වන්න