බැසිල්ගේ වාහන 14කට මිලියන 100ක තෙල් ගහලා | දිනමිණ

බැසිල්ගේ වාහන 14කට මිලියන 100ක තෙල් ගහලා

කමනි අල්විස්

 

බැසිල් රාජපක්ෂ මහතා ඇමැති ධුරය දරද්දී පරිහරණය කරන ලද රජයේ වාහන දහහතරකට කොළඹ ඉන්ධන පිරවුම්හලකින් පමණක් රුපියල් මිලියන සීයයකට අධික ඉන්ධන ලබාගෙන තිබෙන බව ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය සිදුකරගෙන යන විමර්ශනයකදී අනාවරණය කරගෙන ඇත.

 පිටපළාත්වල ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගෙන ඇති ඉන්ධන සඳහා වැය කර තිබෙන රජයේ මුදල් ප්‍රමාණය කෙතරම්ද යන්න ගැනත් කොමිසමේ විමර්ශන අංශය මේ දිනවල සොයාගෙන යනු ලැබේ. ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ඉන්ධන සඳහා මුදල් ගෙවා ඇත.

රාජපක්ෂ මහතා පරිහරණය කර තිබෙන වාහන අටක්ම වෙඩි නොවදින වාහන වන අතර එම වාහන සඳහා අති විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන බවත් තතුදත් ආරංචි මාර්ග හෙළි කරයි.

ඇමැතිවරයෙකු ලෙස ඔහුට වාහන තුනක් හිමිවන අතර හිටපු ජනාධිපති උපදේශක ලෙස වාහනයක් හිමිවෙයි. එම වාහන හතරට අමතරව වාහන දහයක් ඔහුගේ පරිහරණය සඳහා යොදාගෙන තිබුණ බවත් විමර්ශනවලදී හෙළිදරව් කරගෙන ඇත. 

නව අදහස දක්වන්න