රුහුණු කතරගම පෙරහරට වාසනා හස්තියා සූදානම් | දිනමිණ

රුහුණු කතරගම පෙරහරට වාසනා හස්තියා සූදානම්

කතරගම කේ ඩි දේවපි‍්‍රය

රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්තියා මද කිපීම හේතුවෙන් මාස 04 ක කාලයක් සිට ගස් බැද තබා පසුගියදා සුබ මොහොතින් බදින ලද යදම් වැල් වලින් මුදවා කඳසුරිදුගේ පෙරහරට සුදානම් කෙරිණි.

ගස් බැඳ තිබූ මෙම ඇතා ගසින් ලිහන අවස්ථාවේ දි කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගමම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියන් පැමිණ සෙත් පිරිත් ගායනා කර පිරිත් පැන් ඉස ඇතාට ආශිර්වාද කළ අතර ඇතා ඉදිරි පිට කිරි මුට්ටියක් උතුරවාලීමෙන් පසුව බැඳ තැබු යදම් ගලවා ඇතා නහවා කැවුම් කිරිබත් පළතුරු ආහාරයට ලබා දීම සිදුවිය. මෙම අවස්ථාව මගුල් ගෙදරක මෙන් පැමිණ සිටි සැමට අලි වාඩියේ භෝජන සංග්‍රයක්ද සංවිධානය කරනු ලැබු අතර පැමිණ සිට සැමට කැවුම් කිරිබත් කා ඇත් ගොව්වාට මුදල් තෑගි ද ලබා දුන්නේය.

මෙම අවස්ථාව සදහා කතරගම කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් පැමිණ ආගමික වතාවත් සිදුකළ අතර මොනරාගල දිසාපතිනි ඩී. එස් පත්මා කුලසුරිය මහත්මිය. කතරගම දේවාලයේ කතරගම දිසාරෝහලේ වෛද්‍ය අජිත් කුමාර.කතරගම සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිනි වෛද්‍ය එල්. ජේ. එස්. දිල්හානි. කතරගම ප්‍රාදේශිය ලේකම් එස් සී විරකෝන් .කතරගම බස්නායක නිල කාර්යාලයේ පරිපාලන ලේකම් අනුරුද්ධ ඒකනායක කතරගම දේවාලයේ කපු මහතුවරුන් වන ලලිත් රත්නායක යන මහත්වරු ඇතුඵ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක නිලධාරිහු සහභාගී වුහ.

නව අදහස දක්වන්න