ගත වූ මාස පහේ ඩෙංගු රෝගීන් 17801ක් | දිනමිණ

ගත වූ මාස පහේ ඩෙංගු රෝගීන් 17801ක්

අසේල කුරුළුවංශ

 

අධි වසංගත අවදානමක්

මෙම වසරේ ගත වූ මාස පහ තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 17801ක් වාර්තා වී තිබෙන බවත් නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඉදිරි මාස තුන තුළ මෙය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවධානමක් පවතින් බවත් ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඩෙංගු රෝගය බහුලව ව්‍යාප්තව පවතින ලොව රටවල් 128ක් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ පසුවන බව ද එම නිවේදනයේ දැක් වෙයි.

දශක දෙකක පමණ කාලයක් තුළ ජීවිත විශාල සංඛ්‍යාවක් බිලිගනිමින් රටපුරා ව්‍යාප්ත වෙමන් පවතින මෙම රෝගය සම්බන්ධව ජනතාව දැනුවත්ව සිටීම ඉතා වැදගත් බවත් රෝග ලක්ෂණ පහළවූ වහා ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ජීවිත අවධානමෙන් මිදිය හැකි බවත් එම සංගමය පවසයි. උණ, හිසරදය, ඇස්යට වේදනාව, මස්පිඩු වේදනාව, නිදිමත ගතිය, සමේ ඇතිවන දම් හෝ රතු පැහැති ලප, උදරයේ වේදනාව, වමනය, ක්ලාන්තය, අත්පා ශිතල වීම, වෙව්ලීම ඇතුළු රෝග ලක්ෂණ ගණනාවක් ඩෙංගු රෝගියකු තුළින් දැකිය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව දැනුවත්ව සිටීම ඉතා වැදගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ගර්භනී මව්වරුන්ට හා වයස්ගත පුද්ගලයන්ට රෝගයේ බලපෑම වැඩිබව ද එම නිවේදනයේ දැක්වෙයි.

මෙවර දිවයිනේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතරින් 50% ක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතින් බවත් රෝහල්වල පවත්නා අඩුපාඩු මධ්‍යයයේ වුවද වෛද්‍යවරුන් රෝගීන්ගේ ජීවිත බේරාගැනීම පිණිස උපරිමයෙන් කැප වී සේවය ලබදෙන බවත් ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ඩෙංගු රෝගය සඳහා විශේෂිත ප්‍රතිකාර නොමැති අතර ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් නිකුත් කළ නිර්දේශ ක්‍රියාපටි පාටියකට අනුව රෝගියාගේ තත්ත්වය විද්‍යානුකූලව නිරීක්ෂණය කරමින් නිසිදේහ ක්‍රියාකාරීත්වයට අවශ්‍යය පරිදි සුදුසු දියර වර්ග ලබාදීම බවද එම නිවේදනයේ දැක්වෙයි. 

නව අදහස දක්වන්න