SLIM අයදුම්පත් කැඳවේ | දිනමිණ

SLIM අයදුම්පත් කැඳවේ

රක්ෂණ ශ්‍රියන්ත

වෙළෙඳ නාම විශිෂ්ටතා සම්මාන උළෙල 2016 SLIM සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

මෙවර 2016 SLIM ප්‍රදානෝත්සවය ඇතුළු වීමේ අවස්ථාව 2016 ජූලි 20 දින අවසන් වන අතර මින් පෙර ඉදිරිපත් නොවූ තරම් වැඩි අයදුම්කරුවන් පිරිසක් එක්වනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

මෙවර SLIM වෙළෙඳ නාම විශිෂ්ටතා සම්මාන ප්‍රධානෝත්සවය වෙත සහභාගිවන්නන් දැනුවත් කිරීම වෙනුවෙන් ජුනි මාසයේ තුන් වැනි හා සිව්වැනි සතිවල විශේෂ වැඩමුළු සංවිධානය කිරීමටද අපේක්ෂිතය. නොවැම්බර් මාසයේදී බණ්ඩාරණායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලා‍ පරිශ්‍රයේදී අති උත්කර්ශවත් ලෙස SLIM වෙළෙඳ නාම විශිෂ්ටතා සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වෙනු ඇත.

මෙවර SLIM වෙළෙඳ නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී පසුගිය වසරේ හඳූන්වා දුන් හොඳම අන්තජාල වෙළෙඳ නාමය ඇතුළුව සම්මාන 13ක් පිරිනැමීමට නියමිතව තිබේ.වසරේ හොඳම නිෂ්පාදන වෙළෙඳ නාමය, සේවා වෙළෙඳ නාමය, නව්‍යකරණ වෙළෙඳ නාමය, නැඟී එන වෙළෙඳ නාමය, දේශීය වෙළෙඳ නාමය, නවක වෙළෙඳ නාමය, අන්තර් ජාතික වෙළෙඳ නාමය, කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳ නාමය, සංස්ථාපිත සමාජ වගකීම් ඉටුකරනු ලැබූ වසරේ වෙළෙඳ නාමය, වසරේ හොඳම අපනයනික වෙළෙඳ නාමය, හොඳම ව්‍යාපාර අතර වෙළෙඳ නාමය, කලාපීය විශිෂ්ටතාවය වෙනුවෙන් වූ සම්භාවනීය සම්මානය යන තේමා ඔස්සේ සම්මාන පිරිනැමෙනු ඇත.

15 වෙනි අභිමානවත් SLIM වෙළෙඳ නාම විශිෂ්ටතා සම්මාන ප්‍රධානෝත්සවයේ විනිශ්චය මණ්ඩලය ලෙස විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මෙරට සිටින ප්‍රමුඛ පෙළ පළපුරුදු වෘත්තීයවේදීන් විශාල පිරිසක් සොෆ්ට්ලොජික් රීටේල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නසීර් මජීඩ් මහතාගේ

ප්‍රධානත්වයෙන් යුතුව කටයුතු කරනු ලබන්නේ ලොව පිළිගත් නිර්ණායක අනුව අන්තජාතික මට්ටමේ සම්මාන පිරිනැමීමක් සිදුකිරීම සඳහාය.

වැඩිදුර විස්තර දැනගැනීමට ඇතුළත­්වීමට බලාපොරොත්තුවෙන් පසුවන්නන්ට ඒ පිළිබඳ අදාළ තොරතුරු www.slimbe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

නව අදහස දක්වන්න