ප්‍රංශ රෝස සුවඳ ගෙනෙන ලක්ස් | දිනමිණ

ප්‍රංශ රෝස සුවඳ ගෙනෙන ලක්ස්

යුනිලීවර් සමාගමේ අංක එකේ වෙළෙඳ සන්නාමයක් වන ලක්ස් ෆ්ලෝරල් ෆුෂන් ඔයිල් සහිතව ප්‍රංශ රෝස සුවඳ සමඟින් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

යුනිලීවර් සමාගමේ පර්සනල් කෙයා අලෙවි අධ්‍යක්ෂක ශාර්මිලා බණ්ඩාර පවසන්නේ අනාදිමත් කාලයක් පුරා සුන්දරත්වය සහ අලංකාරත්වයට මූලික වූ ප්‍රංශ රෝස සුවඳ සහිත ලක්ස් සබන් කැට දැන් Floral Fusion Oil වලින් කැටිකොට තව දුරටත් සුන්දර කර ඇති බවයි. “දැන් අපි ඉතා අනර්ඝ සුවඳ කැටිවූ ලක්ස් හඳුන්වාදීමෙන් තවත් ඉහළ තලයකට පැමිණ සිටිමු. එය අපට සතුටක්.”

වසර 90ක් පුරා විවිධාකාරයේ නව හඳුන්වාදීම් සිදුකරමින් ලක්ස් දිනෙන් දිනම නවතාවයට පත්වෙමින් සිටිනවා. ඒ අනුව දැන් ලක්ස් Floral Fusion Oil සමඟ කැටිවී සැබෑ රෝස මල්වලටත් වඩා අනර්ඝ වූ සුවඳකින් යුක්තයි.

දශක ගණනාවක් පුරා ලොව රටවල් 100කට අධික ප්‍රමාණයක වෙසෙන කතුන් තම රූසපුව වඩාත් ඔප නංවා ගැනීමටත්, සිත් බඳින, සුසිනිඳු සමක් ලබා ගැනීම සඳහාත් ලක්ස් භාවිතා කරන්නේ ඒ හා සබැඳි විශ්වාසය ඔවුන් සිත් තුළ සදා රැඳී පැවතෙන නිසාමයි. ලොව පුරා නිළියන්ගේ ප්‍රියතම සබන් ලෙස ප්‍රකට ලක්ස් සබන් දැන් සිත මන් මත් කරන සුවඳ කිහිපයකින් යුක්තයි. නව ලක්ස් සබන්වල විශේෂත්වය වන්නේ එම සබන් බොහෝ වේලාවක් ගතෙහි රඳා පවතින උසස් තත්ත්වයේ Floral Fusion Oil සුවඳින් කැටි කොට තැබීමයි යැයිද ඒ මහතා පැවසීය.


නව අදහස දක්වන්න