ෆෙයාවේ හෝල්ඩින්ග්ස් ධජය එවරස්ට් කඳු මුදුනේ | දිනමිණ

ෆෙයාවේ හෝල්ඩින්ග්ස් ධජය එවරස්ට් කඳු මුදුනේ

ලොව උසම ස්ථානය වන එවරස්ට් කඳු මුදුනේ ලෙල දුන් ප්‍රථම ශ්‍රී ලාංකීය සමාගම් ධජය, ෆෙයාවේ හෝල්ඩින්ග්ස් හි ධජය ලෙස ලක් ඉතිහාස පොතේ පසුගියදා රන් අකුරින් සනිටුහන් විය. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දෙමින් එවරස්ට් ගිරි ශිඛරය තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාස ගත වූ ජයන්ති කුරුඋතුම්පාලගේ අප්‍රතිහත ධෛර්යය පසුපස සිටි යෝධ සෙවණැල්ල වූයේ ඔවුන්ගේ එවරස්ට් ගිරි ශිර්ෂ තරණ අනුග්‍රාහකයා වූ ෆෙයාවේ හෝල්ඩින්ග්ස් සමාගම වේ. දිරිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනා යළි මව්බිමට ළඟා වූ මොහොතේ දී එවරස්ට් තරණයේ ජයග්‍රාහී මතකය සදානුස්මරණය කරනු පිණිස ඔවුන් වෙත ෆෙයාවේ හෝල්ඩින්ග්ස් විසින් කෘතවේදීත්වයේ පදක්කම් පිරිනැමීම සිදුකෙරිණ.

එවරස්ට් ජයගත් ශ්‍රී ලාංකික දිරිය කණ්ඩායම ඔවුන් වෙත එවරස්ට් ගිරි ශිර්ෂ තරණ අනුග්‍රාහකත්වය ලබා දුන් ෆෙයාවේ හෝල්ඩින්ග්ස්, ගුවන් ගමන් අනුග්‍රාහකත්වය ලබා දුන් ශ්‍රී ලංකන් එයාලයින්ස්, කඳවුරුකරණ අනුග්‍රාහකත්වය සැපයූ සෙලාන් බැංකුව, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් හා ජනශක්ති රක්ෂණ සමාගමටත් කඳු තරණ කණ්ඩායම ශක්තිමත් කළ SEALS Petz සහ Victorinox යන සමාගම් වෙතත් සිය කෘතවේදීත්වය පළ කර සිටියි.


නව අදහස දක්වන්න