ලෝකය සමීපකරන ebay | දිනමිණ

ලෝකය සමීපකරන ebay

ලෝකයේ දක්නට ලැබෙන online shopping ව්‍යාපාරය අතර e – bay online ව්‍යාපාරයට බො‍හෝදෙනා යොමු වී තිබේ. ලෝකයේ ජීවත්වන e – bay පාරිභෝගිකයින් අතර ශ්‍රී ලංකාවේ ජීවත්වන එම පාරිභෝගිකයින් කිහිපදෙනෙක් e – bay පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිනි.

රාජගිරිය වැලිකඩ ප්ලාසා හි පිහිටා ඇති M. A. ජයසිංහ ඔප්ටිකල් හි හිමිකරු වන M. A. ජයසිංහ මහතා e – bay online shopping පිළිබඳව මෙසේ පැවැසුවේය.

“අනිත් online shopping සේවාවන්ට වඩා මට නම් ඒක පහසුයි. පිටරටින් බඩු ගෙන්වන කොට මිලෙත් වෙනසක් තියෙනවා. අපි වැඩිපුරම ගෙන්වන්නේ සිංගප්පූරුවෙන්. මගේ ෂොප් එකේ විකුණන්නේ සම්පූර්ණයෙන්ම සන්ග්ලාස්, කණ්ණාඩි වගේ දේවල්. e – bay එකෙන් ගෙන්වන්නේ විෂන්වලට අවශ්‍ය කරන ලෙන්සස් වගේ දේවල්. මගේ ෂොප් එකෙන් මුළුමනින්ම පාරිභෝගිකයාට දෙන්න බලාපොරොත්තු වන්නේ අනර්ඝතම, තත්ත්වයෙන් උසස්, ප්‍රමිතියෙන් උසස් තත්ත්වයකින් යුක්ත කණ්ණාඩි තමයි. puma වගේ තත්ත්වයෙන් උසස් Brands තමයි ගෙන්වන්නේ. අපි මේ ළඟකදී ඉඳන් සෑම සෙනසුරාදා දිනකම කණ්ණාඩියට free frames එකක් ලබාදෙනවා. ඒ දෙය සිදුකරන්නේ සෑම සෙනසුරාදාකම උදේ 9 සිට සවස 5 දක්වා. මේ කර්තව්‍යයට අපට e – bay තුළින් මිලදී ගන්නා කණ්ණාඩි බොහෝ සෙයින් වැදගත් වෙනවා. දැනට නම් ඒ පිළිබඳව ලංකාවේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. e – bay තුළදී ලබාගන්නා භාණ්ඩ (කණ්ණාඩි) සන්ග්ලාස්, කූලින් ග්ලාස් හා අනෙකුත් කණ්ණාඩි වර්ග අපි ලංකාවේ පාරිභෝගිකයින්ට අඩු මිලකට ලබා දෙනවා.

අන්තර්ජාලයට ගොස් e – bay වෙබ් සයිට් එක මඟින් අලුත් accountඑකක් විවෘත කර paypal වලින් තමයි අපි භාණ්ඩ ගෙන්වනු ලබන්නේ. සති 2 ක් පමණ කාලයකදී අපිට අවශ්‍ය භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්.”

උදේශ් කුමාර මහතා බොරැල්ල YMBA ගොඩනැගිල්ලෙහි Mega Mass Computer නමින් පරිගණක වෙළෙඳසලක් පවත්වාගෙන යයි. ඔහු ද තම වෙළෙඳසැලට අවශ්‍ය සමහරක් භාණ්ඩ ගෙන්වනු ලබන්නේ e – bay online shopping ඔස්සේය.

“සමහර වෙලාවට අපේ Laptop Computers වලට අවශ්‍ය භාණ්ඩ කොටස් ලංකාවේ නැහැ. ලංකාවේ distributor කෙනෙක් නැත්නම් මම නම් e – bay එකෙන් ඒ හැම භාණ්ඩයක්ම ගෙන්වනවා. මම බොහෝ වෙලාවට ගෙන්වන්නේ Computers, Laptops, Phone Battery, Phone Covers වගේ දේවල් විශේෂයෙන්ම කියන්න ඕනේ. e – bay එකෙන් බඩු ගෙන්වන කොට ඩෙබිට් කාඩ් එකේ amount එක ගෙන්වන භාණ්ඩයේ වටිනාකමම තිබිය යුතුයි. එතකොට මුදල් අපතේ. යෑම අඩුයි. භාණ්ඩයේ මිල 5000 ක් නම් ඩෙබිට් කාඩ් එකේ 5000 ක්ම තිබිය යුතුයි. බර අඩු, තත්ත්වයෙන් උස් භාණ්ඩ e – bay එකෙන් ගෙන්වන විට අපේ මුදල් නාස්ති‍ වෙන්නෙත් නැහැ. මම නම් බොහෝ විටම ගෙන්වන්නේ Computers සම්බන්ධ භාණ්ඩ කොටස් තමයි. ආරක්ෂාවයි, මිලේ ප්‍රමාණයයි, නව භාණ්ඩ ගෙන්විය හැකිවීම ආදිය බලනකොට e – bay හොඳ online shopping එකක්.”

රාජගිරිය වැලිකඩ ප්ලාසා හි ඇතුල්වන මඟ දෙපස ඇති කඩපේළි අතරින් එකක් වන Mobile Phone repair Center හි හිමිකරු වන මධුෂාන් වින්දිත තරුණ ව්‍යාපාරිකයෙකි. ඔහු ද තම වෙළෙඳසලට අවශ්‍ය අලුත් භාණ්ඩ ගෙන්වන්නේ e – bay online එක මඟින් ය.

“ලංකාවේ ගන්න නැති දේවල් තමයි මම ගෙන්වන්නේ. ලංකාවට වඩා Market එකේ ගණන් අඩු භාණ්ඩ e – bay එකෙන් අඩු මුදලකට ‍ගන්න පුළුවන්. ලංකාවට ගෙන්නන්නැති භාණ්ඩ අපිට අන්තර්ජාලයට ගිහින් Photos බලලා කැමති එකක් තෝරාගන්න පුළුවන්. ඒක ලෙහෙසි වගේම වඩාත්ම පහසුයි. මම බොහෝ විට ගෙන්වන්නේ Phone Covers, Phone Parts වගේ දේවල් තමයි. පොඩි අවාසියකට නම් මට හිතෙන්නේ බඩු එන්න යන කාලය වැඩි එක තමයි.

e – bay එකේ තියෙන සුවිශේෂී දෙයක් තමයි Pay Shopping මඟින් භාණ්ඩ order කළොත් වෙනත් මුදලක් Add වෙන්නේ නැති එක. Paypal මඟින් තමයි මම බඩු ගෙන්වන්නේ. මට වෙනමම e – bay Credit Card එකක් තියනවා. අපි දාන Address එකට සාමාන්‍ය ප්‍රමාණයෙන් ඇති භාණ්ඩ Post එකෙන් ගෙනත් දෙනවා. තරමක් විශාල භාණ්ඩ නම් අපි Custom එකෙන් ගිහින් ගන්නවා.”

 


නව අදහස දක්වන්න