මායා සමඟ රන්ජන් කාන්තා චරිතයක | දිනමිණ

මායා සමඟ රන්ජන් කාන්තා චරිතයක

දැනට ඊ ඒ පී මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වන “පත්තිනි” චිත්‍රපටයට පසුව “මායා” චිත්‍රපටය තිරගත වීමට නියමිතය. මෙය ශී‍්‍ර ලංකාවේ ප්‍රථම 3ඩී චිත්‍රපටය වන අතර එහි ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවනුයේ රන්ජන් රාමනායකය.

රන්ජන් ගේ සිනමා ජීවිතයේ වඩාත් කතා බහට ලක්විය හැකි ඉතා ආකර්ෂණීය චරිතයක් “මායා” හී රඟ දක්වයි. රන්ජන් ප්‍රථම වතාවට ප්‍රධාන වීර කාන්තා චරිතයකින් මෙම චිත්‍රපටයට තම උපරිම දායකත්වය සපයා ඇත.

සිංහල සිනමාවේ ප්‍රථම වතාවට ක්‍රියාදාමයන්ගෙන් සපිරි මෙම වීර කාන්තා චරිතය වඩාත්ම සුවිශේෂ වනුයේ දරුවෙකු තම ළමා කාලයේදී ඔහු තුළ සිදුවන ලිංගික වෙනස්වීමක ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට සමාජයෙන් අත්විඳීන්නට සිදු වූ අසාධාරණකම් මුල් කොට මෙම චරිතය නිර්මාණය වී ඇති හෙයිනි.

ජූලි මස අගදී “මායා” සිනමා පටය නැරඹීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව උදාවේ.

නව අදහස දක්වන්න