වැට් ගැන ව්‍යාපාරිකයන් දැනුවත් කෙරේ | දිනමිණ

වැට් ගැන ව්‍යාපාරිකයන් දැනුවත් කෙරේ

උපාලි කරුණාරත්න

වැට් පිළිබඳ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඉදිරි දිනවල දී ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නෙ මහතා පවසයි. මෙහිදී නගර මට්ටමින් ව්‍යාපාරිකයන් දැනුවත් කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා සෑම උපදිසාපති කොට්ඨාසයකටම නිලධාරීන් පස් දෙනකු පත්කරන බව ද කීය.

වැට් පිළිබඳ මහජනතාව අතර වැරැදි මත ගණනාවක් ප්‍රචාරය වන බව කී මන්ත්‍රීවරයා මාධ්‍ය මගින් හා පාර්ලිමේන්තු නියෝජිතයන් මගින් එහි සත්‍යතාව පහදාදීමට කටයුතු කරන බව ද පැවැසීය. වැට් ඇතැයි ප්‍රකාශ කරමින් වැට් නොමැති භාණ්ඩවල ද මිල ගණන් වැඩි කිරීමට ඇතැමුන් උත්සාහ කරන බව ද ප්‍රකාශ කළ කොළොන්නෙ මන්ත්‍රිවරයා ජනතාවට ණය බරින් තොරව නිදහසේ ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණ යයි ද පැවැසීය.මේ අදහස් පළ වුයේ ඊයේ(8) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

නව අදහස දක්වන්න