25කට මරු කැඳවූ ඉතාලියේ මාරක දුම්රිය අනතුර | දිනමිණ

25කට මරු කැඳවූ ඉතාලියේ මාරක දුම්රිය අනතුර

 බි.බී.සී.

විසිපස් දෙනකුට පමණ මරු කැඳවමින්ඉතාලියේ සිදු වූ දුම්රිය අනතුර සිදු වූ ස්ථානයට පැමිණි එරට අග්‍රාමාත්‍ය මැටෙඕ රෙන්සි එම අනතුර පිළිබඳව පරීක්ෂණ කඩිනමින් සිදු කරන ලෙස නියෝග කළේය.

අනතුරින් තුවාල ලැබූවන් අතරින් සමහර අය බරපතල තත්ත්වයේ පසු වන බව වාර්තා වේ.බැරි සහ බාර්ලෙටා නගර අතර ධාවනය වූ මෙම දුම්රිය දෙක එකම මාර්ගයක ප්‍රතිවිරුද්ධ දිසාවලට ගමන් කර ඇති අතර පුග්ලියා හිදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.වේගයෙන් ගමන්කර ඇති මේ දුම්රිය දෙකම මගී දුම්රියයන් වේ.

අනතුර සිදු වූ අවස්ථාවේ දීම ත්‍රියාත්මක වූ හදිසි සහන සේවා මගින් සුන් බුන් අතර සිර වී සිටියවුන් මුදා ගැනීමට කටයුතු කළ අතර එසේ මුදා ගනු ලැබූ තුඩා ළමයකු ගුවන් මගින් රෝහල වෙත යොමු කරන ලදී.

මේ අතර තුවාළ ලැබූවන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙසද බලධාරීහු පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියහ. 


නව අදහස දක්වන්න