ලසන්තගේ රියදුරු සැකකරු හඳුනාගැනෙයි | දිනමිණ

ලසන්තගේ රියදුරු සැකකරු හඳුනාගැනෙයි

තමා පැහැර ගනු ලැබුවේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුධ හමුදා බුද්ධි අංශ සමාජිකයා විසින් බව වික්‍රමතුංගගේ රියැදුරු විසින් අද හඳුනා ගත්තේ ය.

ඒ අදාළ සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා යුද හමුදා සැරයන් මේජර්වරයෙකු අත්අඩංගුවට ගත්තේ ය.

පසුව සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ය.

වික්‍රමතුංගගේ මරණයෙන් පසුව ඒ ආසන්න දිනකදී ඔහුගේ රියැදුරුද පැහැර ගැනීමට ලක්ව තිබූ අතර අද එම රියැදුරු මෙම සැරයන් මේජර්වරයා තමා පැහැරගත් පුද්ගලයා ලෙස හඳුනා ගත්තේ ය.

 

නව අදහස දක්වන්න