දරුවන්ගේ දක්ෂතා ඇගයීමෙන් සාර්ථක ගමනකට මඟ පෑදෙනවා | දිනමිණ

දරුවන්ගේ දක්ෂතා ඇගයීමෙන් සාර්ථක ගමනකට මඟ පෑදෙනවා

 

ගාල්ල කතලුව ජාතික පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනපති කියයි

සම්මාන පිට සම්මාන අරගෙන ජයගැනීම වැදගත් නමුත් අප පාසලෙන්ම ඉගෙන ගත යුත්තේ ඡීවිතය ජයගෙන ඡීවිතය සරුකරගෙන අපේ රට සංවර්ධනය කරන ආකාරයෙන් ඡීවිතය ද ජයගැනිමේ කලාවට විභාගයට පුරුදු විමයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ 27 දින ගාල්ල කතලුව ජාතික පාසලේ 2016 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. මෙහි දී නව තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරිම, නව අංග සම්පුරණ ක්‍රීඩා පිටියේ වැඩ ආරම්භ කිරිම,ආදි කටයුතු රැසකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදඅහස් දැක්වු මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

මේ ආකාරයේ තෑගි ලබාදීම තුළ දරුවන්ගේ හැකියාව දක්ෂතාව නිපුනත්වය අගය කිරීම වැදගත් වු ගමනක් යන්නට හැකියාව ලැබෙනවා.මෙවැනි වාර්ෂික ත්‍යාග ලබා දිම තුළින් සිදු වන්නේ මේ දරුවන්ගේ දක්ෂතාවය තව තවත් වැඩි දියුණු කිරිමයි.අනාගතය අපේ දරු පරපුරයි. අප මේ දරුවන්ට අධ්‍යාපනය සඳහා වැයකරන ධනය මෙහිදී දැවැන්ත ආයෝජනයක් වෙනවා.රජයේ වගකීම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. දක්ෂතාවය හැකියාව ඇති රටට ලොවට වැදගත් වු පරපුරක් බිහිකරලීම අපගේ වගකීමයි. මෙය අප එය ඉටු කරමින් සිටිනවා.මේ තුළින් තමයි රටක් ලොවක් සංවර්ධනය වන්නේ.

අපේ රටේ දරුවන් පාසලේ සිටින්නේ සීමිත කාලයයි. ගුරුවරුන් ද සීමිත කාලයක් පමණයි ඔවුන් සමඟ සිටින්නේ. වැඩිපුරම දරුවන් ජීවත්වෙන්නේ මවුපියන්ගේ ළඟයි.මේ නිසා දෙමාපියන් බුද්ධිමත්ව මේ කටයුතු සිදුකළ යුතුයි. දෙමාපියන්ගේ කතාබහ අදහස් හැසිරීම හා ජීවිත දැනීම හා සියල්ලම දරුවන්ට ගැලපෙන ආකාරයෙන් ඔරොත්තු දෙන ආකාරයෙන් තමයි සිදුකළ යුත්තේ සිදුවිය යුත්තේ.

අන්න එවිටයි අප මැවූ අප සිතු අප බලා පොරොත්තු වු දරුවාගේ ලෝකයට අපට යා හැක්කේ. එවිටයි රටට අවශ්‍ය වු සංවර්ධනයට කැපවියහැකි දරුවන් සකස්කළ හැක්කේ ඒ මතයි.දිගු කාලීන ආයෝජනයන් සඳහා මේ දරුවන් වැඩිහිටි වු පසුවත් මේ ආකාරයෙන් දක්ෂතා ඇති රටට ලොවට වැඩක් කරන පිරිසක් තැනීම අප අපේක්ෂාවයි.විභාගවලින් ඇගයීම වැදගත් වෙනවා.මෙයටත් වඩා සමාඡීය ආකාරයෙන් ඇගයීමට මේ දරුපරපුර යොමුකළ යුතුව තිබෙනවා.

ලංකා ඉතිහාසයේ මෙතෙක් අධ්‍යාපනයට වැයනොකළ දැවැත්ත මුදල් ප්‍රමාණයක් අප ලංකාවේ සියලුම පළාත් සභාවලින් පාලනය වන පාසල්වලට හා සියලුම පාසල්වලට ලබා දුන්නා. මේවා මේ ආකාරයෙන් මුදල් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරු පුදුම වුණා. ඒ අය සමහරක් කිවා මේවා මේ මුදල් යම් ප්‍රමාණයක් වෙනත් වැඩකට යොදවන්න ද කියලා.

අප කිවා අධ්‍යාපනයට වෙන්කළ මුදල් වෙනත් කිසිදු වැඩසටහනකට හෝ ව්‍යාපෘතියකට ගන්න එපා කියලා.මේ ආකාරයට තමයි අප රටේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරමින් අපේ රටේ ජනතවගේ දුරුවන්ගේ අධ්‍යාපනයේ නිදහස සුරක්ෂිත කරන්නේ. ඒ විතරක් නොවෙයි රටේ අනෙකුත් සියලුම අංශ සඳහා දැවැන්ත මුදල් ප්‍රමාණයක් අප ලබා දී තිබෙනවා.මේ සමාජයේ දරුවන් අභියෝග ජයගන්නා වු ආකාරයට යොමු කිරීම කළ යුතුව තිබෙනවා. අභියෝග ජයගන්නා වු පරපුරක් අප ඒ නිසා සකස් කළ යුතුව තිබෙනවා.

දැන් බලන්න අපේ රටේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය මහා ගැටලුවක්. මෙය ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ගැටලුවක් වශයෙන් සළකන්න උවමනායි. මෙය දුරු කරන්නට අප පියවර ගනිමින් සිටිනවා. ලංකාවේ මේ හා සම්බන්ධයෙන් වැඩ කරන මත්ද්‍රව්‍ය වැටලීම සඳහා කටයුතු කරන සියලුම ආයතන හා එකි ආයතනික ප්‍රධානින් මෙන්ම සියලුම පිරිස් මේ මහා මත්ද්‍රව්‍ය ගැටලුව විසදීමට මහා පරිමාණයෙන් වැටලීම් සිදුකරනවා. මනා වු සහයෝගයක් අපහට ලබා දෙනවා.

වස විස මත්ද්‍රව්‍යවලින් අප සමාජය පිරිහීමට ඉඩනොදී එය තුරන් කරන්නට පියවර ගත යුතුයි. සමහරු මේ මහා ව්‍යවසනය හමුවේ මුදලට ගැතිව කටයුතු කරනවා. මුදල් විතරයි මේ සමහර පිරිස්වලට උවමනා වී තිබෙන්නේ.

ගාල්ල සංචාරක පුරවරයක් වශයෙන් ඉදිරියේ දී දැවන්ත දියුණුවක් ඇති වෙනවා. මෙය සංවර්ධනය අතින් ගත් කළ රටට වැදගත් වෙනවා.නමුත් මෙහි අගතියක්ද තිබෙනවා.මේ මඟින් ලංකාවට මත්ද්‍රව්‍ය ගලා ඒමේ ප්‍රවණතාව ද අප හඳුනාගත යුතුව තිබෙනවා. මේ යටතේ විශාල ප්‍රශ්න ඇති විය හැකිව තිබෙනවා. තව නව මත්ද්‍රව්‍යද ගෙන්වන බව පෙනෙනවා.මෙය දරුවන් අතර මිනිසුන් අතර සාමාජයේ පැතිරී යනවා.මෙය පිළිබඳව අප අවදානය යොමු කරමින් සිටිනවා.මත්ද්‍රව්‍ය මර්දනය නිවාරණය කිරීමට අප පියවර ගන්නේ අන්න ඒ නිසයි.

අභියෝග හමුවේ අපේ රටේ දැනට සිදුවන තවත් අභියෝගයක් වන්නේ පරිසරය ආරක්ෂා කිරීමේ අභියෝගයයි. මේ යටතේ, මුහුද වෙරළ,කැලය වනාන්තර කඳු ගස්වැල් ගංගා සියල්ලම ආරක්ෂා කරන්න අපිට සිදු වෙනවා. පරිසර සංරක්ෂණයට පියවර ගන්නවා. මේ නිසා අපේ මේ වන සම්පත හා පරිසරය සුක්ෂිත කිරීමේ ආරක්ෂා කිරීමේ මඟපෙන්නන් වශයෙන් මේ දරුවන් පියවර ගන්නට උවමනායි.මේ දරුවන් රටේම දු දරුවන් සියලුම දේනා පරිසරයට ආදරය ඇතිව කටයුතු කළ යතුයි. සංවර්ධනය වු රටවල් තමයි පරිසරය විනාශ කළ රටවල් වන්නේ.

මේ ආදී වශයෙන් ගත් කළ අප දරුවන්ට යහපතක් ගෙන දෙනවා. රටේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කරනවා. මානව සම්පත් ද භෞතික සම්පත් ද දරුවන්ට ලබා දෙන්නට අප ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.අපේ රාජය ප්‍රතිපත්තිය අනුව අධ්‍යාපනය නඟා සිටවුන්නට සිදුකළ හැකි සියල්ලම අප විසින් සිදු කරනවා.නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කර රටට ලොවට අදට හෙටට අනාගතයට වැඩදායක පරිපුරක් දරුවන් පිරිසක් බිහිකරන්න අපි මෙහි දි පියවර ගන්නවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.

අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා - අධ්‍යාපනයට අප විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර දැන් සංවර්ධනය කරමින් පවතිනවා.ලංකාවේ සියලුම පාසල් සංවර්ධනය කරනවා.දිගින් දිගටම ගුරු පුහුණුව හිඟ ගුරුවැරුන් ලබා දෙනාවා.ලංකාවේම ගුරු තුලනයක් සිදුකරන්වා.කිසිදු දේශපාලනයකින් තොරවු කිසිදු දේශපාලනික අතපෙවීමකින් නොමැතිව, අප පුහුණු කිරිම්,බඳවා ගැනිම්,උසස්වීම් සිදු කරනවා. මේ සියල්ල තුළම විනිවිද භාවයක් ඇති කරන්වා.ඒ ආකාරයේ විනිවිදභාවයක් ඇති කරමින් ගුරු සේවය සුරක්ෂිත කර ගුරුවරුන්ගේ දක්ෂතා අප අගයනවා.

ආණ්ඩුවේ ඉල්ලීම මත කොරියානු ආණ්ඩුව අපේ රටේ අධ්‍යාපන සංවර්ධනය කරන්නට විශාල සහයෝගයක් ලබා දෙනවා. මේ සහයෝගය දෙන්නේ ගොඩනැඟිලි සකස්කරන්න නොවෙයි.ඒ සඳහා අපේ ලංකාවේ මුදල් තිබෙනවා. තාක්ෂණය හා මානව සම්පත් සංවර්ධනය කරන්නට තමයි පියවර ගන්නේ.මේ කොරියන් ආධාර සහයෝගය යටතේ එයයි අපි සිදුකරනු ලබන්නේ.විදේශීය දැනුම අවබෝධය අප මානව සම්පත්වලට යොමු කරන්නට පියවර ගන්නවා.

බෝක්කු ගල් උඩ සිටින්නා වු බෝක්කු ගල් සංස්කෘතියක් අප ඇති කරන්නේ නෑ. දැනුම ලබා දී දරුවන් රටට ලෝකයට අදට තාක්ෂණයට ගැලපෙන ආකාරයෙන් යුත් පරිපුරක් තමයි ඉදිරීයේ දී බිහිවන්නේ. සමාජයට වැඩපොළට යොමුකරන පියවරක් තමයි මෙහි දී සිදුවන්නේ.

සෑම ප්‍රා.ලේකම් කොට්ඨාසයකම එක් පාසලක් දියුණු කරන අතරේ සියලුම පාසල් දියුණු කරනවා.භෞතික සම්පත් මානව සම්පත් ද ලබා දෙනවා.ඒවා දරුවන්ගේ නාමයෙන් අප කිසිදු කප්පාදුවක් සිදුකරන්නේ නෑ.ලංකාවේ දැනට වැසිකිළි කැසිකිළි නොමැති පාසල් 800ක් පමණ අප හදුනාගෙන මේ සඳහා පහසුකම් ලබාදෙමින් තිබෙනවා.

අපේ දරුවෝ අද පොත් බෑග් එල්ලාගෙන කොන්ද දෙකට නමාගෙන පාසල් යනවා. මෙය ළඟදීම වෙනස් වෙනවා. තක්ෂණය පරිගණකය අයිපෑඩ්, ලැප්ටොප් යුගයක් හරහා නව අධ්‍යාපන ගමනකට ලංකාවේ අධ්‍යාපනය වෙනස්කරන්න දැවැන්ත යුගයකට අප ගමන් කරමින් සිටිනවා යැයි ඒ මහතා කීය.

ජනාධිපති වරයා අගයමින් විදුහල්පතිවරයා විසින් ත්‍යාගයක් හා තිළිණයක් ලබා දීම සිදු කෙරිණි.ජනාධිපතිවරයා හා පැමිණි සිටි මැති ඇමැතිවරු අතින් සිසු දරු දැරියෝ තිළිණ සහතික ලබා ගත්හ.

විද්‍යාලයේ දු දරුවන්ගේ ගායන, වාදන, රංගනවලින් උත්සවය අලංකාරවත් විය.

ඛණිජ තෙල් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි , දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර,ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේපාල හෙට්ටිආරච්චි.හබරාදුව එජාප සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන, රාජ්‍ය නිලධාරින්, අවට විද්‍යාලවල විදුහල්පතිවරුන් ගුරුභවතුන් මෙන්ම දෙමාපියන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ලංකින්ද නානායක්කාර ඉමදුව සමුහ, ගාල්ල දිසා සමූහ සහ ගාල්ල උතුර සමූහ 

නව අදහස දක්වන්න