මත්තල ගුවන් තොට ක්‍රියාශීලි කිරීම | දිනමිණ

මත්තල ගුවන් තොට ක්‍රියාශීලි කිරීම

චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දූත පිරිස ඊයේ (15) දහවල් ෂෙන්ජන් (Shenzhen) නගරයට පැමිණි අවස්ථාවේ ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. ෂෙන්ජන් නුවර ආචාර සමාචාර මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස පිළිගන්නා ලද්දේ ෂෙන්ජන් නුවර නියෝජ්‍ය නගරාධිපති ඒඅයි ෂියෝෆැං මහතා (AI Xuefeng) විසිනි. ශ්‍රි ලංකා දූත පිරිස දින 3ක කාලයක් ෂෙන්ජන් නුවර ගත කිරීමට නියමිතය.

දැනට හු‍ෙදකලාව පවතින මත්තල ගුවන් තොටුපොළ, ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා උපකාරී වන ලෙස කාර්යක්ෂතම හා කාර්ය බහුල ගුවන් තොටුපොළක් බවට පත් කරලීම යහපාලන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

චීනයේ චොංඡිං මහනගරයේ සංචාරයක යෙදෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස පෙරේදා (14) සන්ධ්‍යාවේ ෂියංතෝ (Xiantao) දත්ත සැකසුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කළේය. ආර්ථික, මූල්‍ය හා ව්‍යවසාය ආදී විවිධ ක්ෂේත්‍රයන් සඳහා සිදු කෙරෙන දත්ත සැකසුම් පිළිබඳත්, ඒ වෙනුවෙන් නිර්මාණිත නව නිපැයුම් හා මෘදුකාංග පිළිබඳත් මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.

දැනට හුදු සුදු අලියකු බවට පත්ව තිබෙන මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට ඇති අවකාශ හා අභියෝග සම්බන්ධයෙන් සිදු කෙරුණු දත්ත විමසීමක් ද අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන දූත පිරිස හමුවේ ප්‍රදර්ශනය කරන ලදී.


නව අදහස දක්වන්න