ලක්ෂ දෙකක් වටිනා ගංජා පන්නිපිටියේදී අත්අඩංගුවට | දිනමිණ

ලක්ෂ දෙකක් වටිනා ගංජා පන්නිපිටියේදී අත්අඩංගුවට

ප්‍රියංගි ජයසිංහ  ගොඩගම සමූහ
 
පන්නිපිටිය  ධර්මපාල මාවතේදී  රුපියල්  ලක්‍ෂ දෙකක්  පමණ වටිනා ගංජා කිලෝ හයක්  සමග  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට 
ගැනීමට කොට්ටාව පොලීසිය  සමත් වී ඇත.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි  මිද්දෙණිය පදිංචි පුද්ගලයෙකු සහ 52 හැවිරිදි ඇරැව්වල  පදිංචි පුද්ගලයෙකි.
මෙම ප්‍රධාන සැකකරු   දීර්ඝ කලක පටන් තණමල්විල සිට අධිවේගී මාර්ගය ඔස්සේ බසයෙන් කොළඹට ගංජා ප්‍රවාහනය කර ඇති අතර කොට්ටාව පොලිසියට  
ලද තොරතුරකට අනුව ප්‍රධාන සැකකරු  අත්අඩංගුවට ගෙන  පරීක්‍ෂා කිරීමේදී ලග තිබී ගංජා කිලෝ  හයක්  පොලිසිය සොයාගෙන ඇති අතර
ඔහුගෙන් වැඩිදුර  ප්‍රශ්ණ කිරීමේදී  ඉන්  කිලෝ  එකක්  තවත් පුද්ගලයෙකුට විකිණීම සදහා ගෙනයමින් සිට ඇති අතර එම පුද්ගලයාද  වෙළද සලක
සිටියදී  අත්අඩංගුවට ගත්  බව පොලිසිය  වැඩිදුරටත් පැවසීය.
 
අදාළ  සැකකරුවන්  අද දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබධව වැඩිදුර පරීක්‍ෂණ  කොට්ටාව පොලිස් 
ස්ථානාධිපති   ප්‍රධාන පොලිස්  පරීක්‍ෂක  එල්  පී   බී   සමරසිංහ   මහතාගේ  උපදෙස් මත වැටලීම් අංශයේ  ස්ථානාධිපති  උප  පොලිස්  පරීක්‍ෂක
දයාවංශ මහතා ඇතුළු     පො: කො   81970  බණ්ඩාර  පො: කො  32997  නිරෝෂන්  ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ මෙහෙයවීය.

නව අදහස දක්වන්න