Huawei GR5 Mini වෙළෙඳපොළට | දිනමිණ

Huawei GR5 Mini වෙළෙඳපොළට

 ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය G කාණ්ඩයේ නවතම නිෂ්පාදනය වන GR5 Mini ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. Huawei හි එකම ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා හා එක්ව දිවයින පුරා පිහිටි අලෙවි සැල් වෙත මෙම ස්මාර්ට්ෆෝනය රුපියල් 29,999කට හඳුන්වා දෙයි. පිරිමැසුම්දායක මිලකට ඇඟිලි සලකුණු තාක්ෂණය(finger print technology)සහිතව එන මෙම ස්මාර්ට්ෆෝනය 2.0ඇඟිලි සළකුණු සෙන්සරයකින් යුක්ත වෙයි.මෙමඟින් තත්පර භාගයක් වැනි කෙටි කාලයක් තුළ ස්මාර්ට්ෆෝනය විවෘත කරගැනීමට අවස්ථාව සැලසෙයි. මෙම කාණ්ඩයේ වේගවත්ම ප්‍රොසෙසරය වන Kirin 650- 16nm octa-core ප්‍රොසෙසරයකින් සමන්විත වන නිසා මෙම ස්මාර්ට්ෆෝනයේ වේගවත් ක්‍රියාකාරීත්වයක් පවතියි.

අඟල් 5.2ක පුළුල් තිරයක් සහිත පැතලි ස්මාර්ට්ෆෝනයක් වන මෙම GR5 Mini ස්මාර්ට්ෆෝනය අනිකුත් සාමාන්‍ය GR5ස්මාර්ට්ෆෝනයකට සමාන විශේෂාංග වලින් සමන්විත වෙයි. GR5 Mini ලෝහමය නිෂ්පාදනයක් වන අතර GR5හා සමානවම 13MP f/2.0පසුපස කැමරාවක් සහ 3000mAh බැටරියකින් ද යුක්ත වෙයි.

Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ පාරිභෝගික අවශ්‍යතාව පිළිබඳව මනාව වටහා ගනිමින් ඊට සරිලන නිෂ්පාදන හඳුන්වා දීම සිය අරමුණ බවයි. GR5 Mini ස්මාර්ට්ෆෝනය ඊට උදාහරණ සපයන බව ද එමඟින් දැරිය හැකි මිලකට ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝනයක ඇති පහසුකම් අත්විඳීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම GR5 Mini ස්මාර්ට්ෆෝනය වැඩි බැටරි ආයු කාලයකින් සමන්විත නිසා විදුලිබලය අරපිරිමැසුම්දායක ලෙස භාවිත කිරීමේ හැකියාවද සහිත වෙයි.

ආරක්ෂාකාරීභාවය වඩාත් තහවුරු කරමින් ඇඟිලි සළකුණු විධිමත් ලෙස ස්කෑන් කිරීමේ පහසුකමින්ද මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි. 6වරක් ස්පර්ශ කිරීමෙන් ඇඟිලි සලකුණ ස්කෑන් කළ හැකි අතර ඉන් අනතුරුව එම ස්මාර්ට්ෆෝනය විවෘත කිරීම සඳහා ගතවන්නේ තත්පර භාගයක් වැනි කාලයකි.

ඇඟිලි සලකුණු පහසුකම් වල පළමු පරපුරට වඩා 100%කින් පහසුකම් වැඩි දියුණු කළ මෙම GR5 Mini ස්මාර්ට්ෆෝනය විවෘත කිරීම, ඇමතුම් ලබාගැනීම,කැමරා පහසුකම් සහ එලාම් පහසුකම් මෙන්ම ක්‍රියා විරහිත කිරීම ආදී සෑම ක්‍රියාවක් සඳහාම වේගවත් ක්‍රියාකාරීත්වයක් සහිත වෙයි.

8MP(f/2.0) ඉදිරිපස කැමරාව මඟින් සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතින අතර අංශක 78ක් දක්වා පුළුල් කෝණයකින් 13MP ඡායාරූප ලබාගත හැකි පසුපස කැමරාවකින්ද යුත් මෙම GR5 Mini ස්මාර්ට්ෆෝනය විචිත්‍ර වත් ඡායාරූප ලබාදෙයි. Blue light filter සහ අනිකුත් මෘදුකාංග පහසුකම් තුළින් ඡායාරූප වලට ජීවය ලබාදෙයි.

අළු සහ රන්වන් පැහැයෙන් මිළදී ගත හැකි GR5 Mini ස්මාර්ට්ෆෝනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා හි සිංගර් මෙගා,සිංගර් ප්ලස්,සහ සිසිල් වර්ල්ඩ් ආදී 400කට අධික අලෙවි සැල් සහ ඩිජිටල් මීඩියා අලෙවි සැල් මෙන්ම 1500කට අධික නියෝජිත ජාලය වෙතින් මිළදී ගත හැකිය.

නව අදහස දක්වන්න