p3 ට අනුව සංවර්ධන මාවත පුළුල්වෙයි | දිනමිණ

p3 ට අනුව සංවර්ධන මාවත පුළුල්වෙයි

 ‍පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් එක්වී ආයතන දියුණු කිරීමේ නව ක්‍රමවේදයට අනුව ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව නව ව්‍යාපෘති කීපයක් ඇරුඹීමට සැලසුම් කරතියි දිනමිණ කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය මිලදී ගැනීම මෙන්ම අලෙවි කිරීමට දැනටමත් අරඹා තිබේ.

මුහුදු වැලි පිරිසිදු කර ඉදිකිරීම් කර්මාන්තය සඳහා ලබාදීමටත් සැලසුම් කර ඇති අතර ඒ මඟින් පරිසර දූෂණය වැළැක්වීම මෙන්ම ආයතනය සතු විද්‍යත් මක දැනුම උපයෝගී කරගනිමින් පරිසර දූෂණය වළකම්න් අත්‍යවශ්‍ය නිෂ්පාදනයන් දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. කොළඹ නගරය ආරක්ෂා කරගැකීම සඳහා අත්‍යවශ්‍ය වගුරුබිම් ප්‍රමාණය අක්කර 1000 පමණ වෙනවා . පිටාර ගැලීම ජල ගැලීම ආදිය වළක්වා ගත හැක්කේ එසේ තිබීමෙන් පමණයි. නමුත් අප සතුව ඉතිරිවී තිබෙන්නේ ඊට අඩු ප්‍රමාණක් .මේ ප්‍රමාණයත් පරිසරයේ අලංකාරය වැඩිවන ආකාරයෙන් වගුරු බිම් ආකාරයෙන්ම සංවර්ධනය කිරීමයි රජයේ අරමුණ.ඒමඟින් දැනට පවතින වගුරු බිම් මෙන්ම නගරික ප්‍රදේශයෙහි අප නඩත්තු කරන ඇළ මාර්ග ආදියත් සංචාරක ආකර්ෂණය ඇතිවන ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමටත් අ‍පේක්ෂිතබව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

- බුද්ධිකා බ්‍රහ්මණගේ

අදහස් 2ක් ඇත

Good

Good

නව අදහස දක්වන්න