රුසෙයික් ෆාරුක්
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය 26 වැනි වරටත් සංවිධාන කළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ‘FACETS’ ප්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණි.
එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසු මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සල් නැරඹූහ.
වෙළඳ කුටි 200කින් පමණ සමන්විත මෙම ප්‍රදර්ශනයට සැප්තැම්බර් මස 1 වැනි දින සිට 4 වැනි දින දක්වා විශාල පිරිසක් පැමිණියහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර, රාජ්‍ය ආරක්ෂණ අමාත්‍ය රුවන් විජයවර්ධන, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති ඒ.එච්.එම්.ඉම්තිසාත්, FACETS සභාපති මුස්තාක් ජාබිර් ඇතුළු විදේශ රටවල් නියෝජිතයන් ද සහභාගි වූහ.
අදහස් 1ක් ඇත
apema rate manik mehee
නව අදහස දක්වන්න