පාරිභෝගික “තේ” යළිත් | දිනමිණ

පාරිභෝගික “තේ” යළිත්

 වසර 25කට පමණ පෙර “පාරිභෝගික තේ” (Consumer Tea) නමින් වෙළඳපළ ජයගත් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ තේ අලෙවි අංශය නැවත ආරම්භ කිරීමට වත්මන් සභාපති තිලක් මහානාම මහතා කටයුතු කරමින් සිටි.

රජයේ වතුවලින් ලබා ගන්නා “තේ” වස විසවලින් තොරව ස්වාභාවික නැවුම් රසයකින් ජනතාව අතට පත් කිරීම සංස්ථාවේ අරමුණ වන අතර, 1992 දී රාජ්‍ය වතු පෞද්ගලීකරණයත් සමඟ මෙම සේවාව නැවතී තිබේ.

දැනට සංස්ථාව මඟින් පාලනය වන වතුවලින් නෙළාගන්නා අමු දලු පිටතට නොදී සංස්ථාව හරහා සිල්ලර පාරිභෝගිකයා අතට පත් කිරීමෙන් දැනට ලබන අලාභය අවම කරගෙන ඉදිරියට යා හැකි බව සභාපතිවරයා පෙන්වා දෙයි. වැඩසටහන සාර්ථක වනවා නම් පෙර පැවතී ලෙසට බ්‍රිතාන්‍ය පාරිභෝගිකයා අතටද පත් කිරීමේ අවකාශයක් පවතින බවද ඒ අනුව දෙසැම්බර් මස “සංස්ථා තේ” පාරිභෝගිකයා අතට පත් කරන බවද සභාපතිවවරයා තවදුරටත් පෙන්වා දෙයි.

ජනප්‍රිය සමරදිවාකර

නව අදහස දක්වන්න