රජ බිසවගේ හවරිය දමාගිය හවරියවිල ඉපැරැණි අම්බලම | දිනමිණ

රජ බිසවගේ හවරිය දමාගිය හවරියවිල ඉපැරැණි අම්බලම

 

සියනෑ කෝරළයේ ඇති පෞරාණික රාජකීය අම්බලමක් මෙන්ම රාජකීයයන් ජලස්නානය කළ අලංකාර ජලාශයක් සහිත විලක් වශයෙන් ඉතිහාසයේ මෙන්ම ජනප්‍රවාදයේ එන හැවනිවල - මට්ටාගොඩ අම්බලම සහ හවරියවල විල එදා මෙන්ම අදත් ඒ අයුරින්ම සුරැකිව පවතින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ජාතිය සතු කෞතුක වස්තුවකි.

එදා වළගම්බා රජතුමා පරසතුරන්ගෙන් බේරීම සඳහා සෝමාදේවිය සහ දන්තධාතුන් පරසතුරන් විසින් පැහැරගත් මොහොතේ සිට, සතුරන් පරාජය කිරීම සඳහා අනුරපුරෙන් පලාවිත් වාරණ විහාරස්ථාන ගිරිලෙන සහ මාළිගාතැන්න ගල් ලෙන්වල ගැවසෙමින් සේනා රැස්කළහ.

අතීතයේ වළගම්බා මහ රජ දවස වාරණ රජමහා විහාරස්ථාන අත්තනගල්ල රජමහා විහාරය සහ මාළිගාතැන්න ඇතුළු අවට පැරණි විහාරස්ථාන සඳහා ගමන් කිරීමට හා කැලණිය රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට ද යාම ඒම සඳහා පාගමනින් යාමට මංමාවත් විවර කර තිබුණේද මට්ටාගොඩ, කොස්කඳවල හා අඹගස්පිටිය ගම්මාන හරහා බව ද ඉතිහාසයේ සඳහන් වේ.

එම මංමාවත් යා කරමින් එදා එකළ අම්බලම් පිංතාලි පොදු පරිහරණය සඳහා විවෘතව තැබිණි. එම අම්බලම් අදත් කිහිපයක්ම දැකගැනීමට ඇත. අඹගස්පිටිය, බණ්ඩාරංගොඩ, යටවක ඇතුළු ප්‍රදේශ ගණනාවකම එය පිහිටා ඇත.

දිනක් වළගම්බා රජතුමා සහ බිසවුන් ජලස්නානය කර අම්බලමේදී විවෘත සුවයෙන් ගතකර වාරණ ගිරිලෙන් මාළිගාවට ගිය පසුව රජ බිසවට මෙන්ම මෙහෙසියන්ට ද පරිහරණය කළ ඇඳුමක් සහ හවරියවිල මැද ගල්තලාව මැද අමතකවී පැමිණ ඇත. පසුව සේවකයන් පැමිණ හවරිය ඇතුළු භාණ්ඩ රැගෙන ගිය බව ද ජනප්‍රවාදයේ පවතී. එදා වහලයට විශේෂිත අතු පැලලි යොදා තිබුණු මෙම හරවරියවල අම්බලම එදා පටන් අදත් පොල්අතු සෙවිලිකර ආරක්ෂා සහිතව පවතී.

 

සටහන හා ඡායාරූප වතුරුගම සමූහ කේ. කේ. එස්. ආරියදාස

නව අදහස දක්වන්න