'ආවා' කල්ලිය ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත ආරම්භ වූවක් | දිනමිණ

'ආවා' කල්ලිය ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත ආරම්භ වූවක්

 

ආවා කල්ලිය තමාගේ අනුදැනුම මත ආරම්භ කර නැති බවට ගෝඨාභය රාජපක්ෂ සිදු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 'ආවා' කල්ලිය ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත ආරම්භ වූවක් බව අමාත්‍යවරයා යළිත් අවධාරණය කරයි.

ගෝඨාභය 'ආවා' කල්ලිය සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවට කොතෙක් ප්‍රකාශ කළත් මෙම කල්ලිය ආරම්භ වූයේ ඔහුගේ පූර්ණ ආශිර්වාදයෙන් බවත් මේ පිළිබඳව ඉදිරියේ දී සියලු විස්තර හෙළි කරන බවත් රාජිත සේනාරත්න මහතා පවසයි.

ජෝශප් පරරාජසිංගම්, ප්‍රදීප් එක්නැලිගොඩ, නඩරාජා රවිරාජ්, ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධීන් වලින් මොවුන්ට ගැලවීමක් නැති බවත් එම පරීක්ෂණ අවසානයේ දී සිදුවන දේ කුමක්දැයි ජනතාවට සියලු සත්‍යයන් පසක් වන බවත් රාජිත සේනාරත්න මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ 'ආවා' කල්ලිය පිළිබඳ තමා කළ හෙළිදරව්වෙන් හමුදාවන්ට අපහාස වන බවයි. තමා හමුදාවට කිසිදු අපහාසයක් සිදු කර නැති බවත් මෙවැනි කල්ලි ආරම්භ කිරීමට හමුදාව යොදා ගනිමින් ඔවුන්ට අපහාස කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 

නව අදහස දක්වන්න