ශ්‍රී ලංකා-එංගලන්ත කාන්තා එක්දින තරගාවලිය | දිනමිණ

ශ්‍රී ලංකා-එංගලන්ත කාන්තා එක්දින තරගාවලිය

ශ්‍රී ලංකා පිලට ලකුණු 241ක ඉලක්කයක්

 සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් පිල සමග ඊයේ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැති සිවුවැනි සහ අවසන් එක්දින තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා පිල පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පෙර වර්ෂාව ඇද වැටීම හේතුවෙන් තරගය අද දිනයට දැමීමට සිදුවී තිබිණි.

ශ්‍රී ලංකා ඉනිම ඇරැඹීම අද දිනයට කල් තැබු‍වේ මේ තරගාවලියේ දෙවැනි තරගයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල එක්දින කාන්තා ශූරතාවලියට ඇතුළත් වන බැවින් අතිරේක දිනයක් ලැබී තිබීම හේතුවෙනි.

ඊයේ තරගයේදි කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ද ලකුණු 58ක් ඇතුළත කඩුලු 6ක්ම දවාලීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නියන් සමත්වීම කැපී පෙනුණි. එහෙත් ඉන් අනතුරුව නතාලි ෂිවර් සහ ඩැනියෙලා හේසල් එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 104ක අනගි සම්බන්ධතාවක් ගොඩ නැගිමට සමත්වූහ. ෂිවර් ලකුණු 77ක් රැස් කිරීමට සමත්වූ අතර හෙසල් ලබාගත් ලකුණු සංඛ්‍යාව 45කි. ඉන් අනතුරුව පිටියට පිවිසි ලෝරා මාෂ් නොදැවි ලකුණු 36ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූවාය.

එංගලන්ත කාන්තා පිල - 240/9 (ඕවර 50) නතාලි ෂිවර් 77, ඩැනියෙලා හේසල් 45, ලෝරා මාෂ් නොදැවී 36 ( ඉනූෂි ප්‍රනාන්දු 28/3, ඉනෝකා රණවීර 38/3)

නව අදහස දක්වන්න