අය-වැයට ඡන්දය දෙන්න හිටපු ජනාධිපති ආවේ නෑ | දිනමිණ

අය-වැයට ඡන්දය දෙන්න හිටපු ජනාධිපති ආවේ නෑ

චමීර ඇල්ලදෙණිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාට රජය ලබාදෙන වරදාන, වරප්‍රසාද නිසා අය-වැයට එරෙහිව විශ්වාසභංගයට එරෙහිව වැට් පනතට එරෙහිව ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවට නොපැමිණි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් නිවාස ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් වෙන් කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

සැබෑ ජනතා ප්‍රශ්න යටපත් කරමින් මහින්ද රාජපක‍ෂ මහතාට රජය ලබාදුන් නිවස අළුත්වැඩියා කිරීමට කෝටි තුනක මුදලක් හා නව ගොඩනැඟිල්ලක් ඉදිකරීමට එක්කෝටි අනුහත් ලක්ෂයක් ලබාදීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුව සමඟ ඇති ඩීල් හෙළී වී තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ සියල්ල වරදාන, වරප්‍රසාද බවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මීට පෙරත් මහින්ද රාජපක‍ෂගේ වාහනයට ටයර් ගන්න මුදල් වෙන් කළ බවත් සිරිකොත ඉදිරියේ පාර කාපට් කළ එකට කළගුණ සැලකීම් කරමින් සිටින බවද විජිත හේරත් මහතා කීවේය. 

අදහස් 1ක් ඇත

kala guna salakana ekath wiggraha karanna awassyayi, ! ekane ohu nihadawa sitiye , mamath kawa thopith kapiyawu kiyala!

නව අදහස දක්වන්න