කොකේන් කිලෝ 800 ක් නැවක | දිනමිණ

කොකේන් කිලෝ 800 ක් නැවක

කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එම කාර්යංශය ප්‍රකාශ කළේ, දැව ප්‍රවාහනය කරන එම නෞකාව ඉක්වදෝරයේ සිට පැමිණ ඇත්තේ, ඉන්දියාව බලා යාත්‍රා කිරීමට බවය.

අදාළ නෞකාවේ කොකේන් ඇති බවට ලද ඔත්තුවක් මත පරීක්ෂා කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ ය.

අධිකරණ නියෝගයක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදු කළ පරීක්ෂාවකදී මෙම නෞකාව සොයා ගෙන තිබේ.

ඉතිහාසයේ මේ දක්වා අත්අඩංගුවට ගත් වැඩිම කොකේන් තොගය මෙය බව ද කියැවෙයි.

නව අදහස දක්වන්න