අභ්‍යාවකාශය සුද්ධ කිරීමට ජපානයෙන් චන්ද්‍රිකාවක් | දිනමිණ

අභ්‍යාවකාශය සුද්ධ කිරීමට ජපානයෙන් චන්ද්‍රිකාවක්

අභ්‍යාවකාශයේ විසිරුණු සුන්බුන් ඉවත් කිරීමට ජපානයෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගත කර තිබේ.පැරණි චන්ද්‍රිකා, රොකට් කැබලි සහ වෙනත් උපකරණ කොටස් මිලියන සියයක් පමණ අභ්‍යාවකශෙයේ පවතින බවට ඇස්තමේන්තු කර ඇත.

1957 වසරේ සෝවියට් රුසියාව ස්පුට්නික් චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ සිට වසර 50ක පමණ කාලය තුළ අභ්‍යාවකාශ මෙහෙයුම් 5000ක් පමණ සිදුකර ඇත.ඒවායින් බැහැර වන අපද්‍රව්‍ය පැයට කිලෝමීටර් 28,000ක පමණ වේගයෙන් පෘථිවිය වටා ගමන් කරමින් අභ්‍යාවකාශ සන්නිවේදන ජාලයට හානි සිදුකරන බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි.අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා චුම්භකත්වය සහිත විශේෂ දැලක් භාවිතා කරනු ඇත. 

ඒ. එෆ්. පී

නව අදහස දක්වන්න