කච්චතිව් දෙව්මැදුර යාපනය රෝමානු කතෝලික පදවියට | දිනමිණ

කච්චතිව් දෙව්මැදුර යාපනය රෝමානු කතෝලික පදවියට

 

ශ්‍රී ලාංකික මෙන්ම ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විසින් තම ආගමික මුදුන් මල්කඩක් සේ සලකන කච්චතිව් දූපතේ නව ශාන්ත අන්තෝනි දේවස්ථානය නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා විසින් (23) යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත ප්‍රදානය කරන ලදී.

සංහිදියාවේ නව පිටුවක් සනිටුහන් කරමින් සිදුකළ මෙම ඓතිහාසික අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා, යාපනය රදගුරු අනුනායක ආචාර්ය පතිනාදර් ජෝශප්තාස් ජෙබරත්නම් පියතුමා, ඩෙල්ෆ්ට් මීසම භාර ඒ. ජේ. ඇන්තනී ජෙයරන්ජන් පියතුමා, යාපනය රදගුරු පදවියේ එ‍ඬෙරාණෙන් වූ අති උතුම් ආචාර්ය ජස්ටීන් බර්නාඩ් ඥානප්‍රයාසම් පියතුමා, යාපනයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල්, ශ්‍රී ඒ. නටරාජන් මහතා, යාපනය දිසාපති එන්.‍ වේදනායගම් මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරින් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ. ඉන්දියානු බැතිමත්තු සහ ශ්‍රී ලාංකික බැතිමත්තු විශාල පිරිසක්ද එම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න