ඇන්ජලෝ මැතිව්ස් අද මූල්‍ය අපරාධ කොට්ඨාසයට | දිනමිණ

ඇන්ජලෝ මැතිව්ස් අද මූල්‍ය අපරාධ කොට්ඨාසයට

විජයානි එදිරිසිංහ
රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී ලංකාව සහ තවත් රටක් අතර පැවැති ක්‍රිකට් තරගාවලියකදී එම තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අහිමිකරදීම සඳහා තරගය පාවාදීමට ක්‍රීඩකයන් දෙදෙනකු වන රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරාට යෝජනා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට

ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට අද (18) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබේ. ඇන්ජලෝ මැතිව්ස්ට අමතරව තවත් කිහිපදෙනකුගෙන්ම ප්‍රකාශ ගැනීමට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ දින කිහිපය තුළම කටයුතු යොදා තිබේ. පසුගියදා (12) කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත්ගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගනු ලැබිණි.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට යම්කිසි පුද්ගලයකු විසින් දුරකථනයෙන් කරන ලද එම යෝජනාව ඔවුන් විසින් ඉහළට පැමිණිළි කිරීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යංශය මගින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව මෙම දුරකථන ඇමතුම් දුන්නේ කවුද, ක්‍රිකට් ක්‍රීඩා තරග පාවාදීමේ කුමන්ත්‍රණ පිටුපස සිටින්නේ කවුද යන්න හෙළිකර ගැනීම සඳහා කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදුකරනු ලබයි.

නව අදහස දක්වන්න