තාජුඩීන් ඝාතනයට සෘජුවම 2ක් හවුල් | දිනමිණ

තාජුඩීන් ඝාතනයට සෘජුවම 2ක් හවුල්

විජයානි එදිරිසිංහ

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඝාතනයට සෘජුවම සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් දෙදෙනකු අද හෙටම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙයි.

තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණ දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් ගණනාවක් හඳුනාගෙන සිටියි. ඔවුන් ඊට සම්බන්ධවීම අදාළ කරුණ තවදුරටත් නිරවුල්ව හඳුනාගැනීමට කටයුතු කරන අතර සෘජුවම සම්බන්ධ බවට මේ වන විට හඳුනාගෙන ඇති සැකකරුවන් ප්‍රථමයෙන්ම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලබයි. තාජුඩීන් පැහැරගෙන යාම ඝාතනය කිරීම, ඊට අදාළ පරීක්ෂණ සිදුකර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම සහ එම සත්‍ය සිද්ධිය යටපත් කිරීමඅධිකරණය නොමඟ යැවීම ඇතුළු කරුණු කාරණා රාශියකට සම්බන්ධ පුද්ගලයන් රැසක් සම්බන්ධව පසුගිය මාස කිහිපය පුරාම පුළුල් ලෙස පරීක්ෂණ සිදු විය. 

නව අදහස දක්වන්න