යතුරු පැදි-කාර් අනතුරින් තරුණයෝ 2ක් මරු දකිති | දිනමිණ

යතුරු පැදි-කාර් අනතුරින් තරුණයෝ 2ක් මරු දකිති

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් මාර්ගයේ නුගදුව වර්ණ සංඥාව අසල දී යතුරුපැදි දෙකක් මෝටර් රථයක හැපීමෙන් යතුරුපැදි ධාවනය කළ තරුණයින් දෙදෙනා මිය ගොස් ඇති අතර තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ද කරාපිටිය රෝහලට ඇතුළු කර ඇතැයි අක්මීමන පොලිසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පෝද්දල නරාවල පදිංචිව සිට ලබුදුව සිරිධම්ම විදුහලේ උසස් පෙළ හදාරන සිසුවකුවන එම් පී ඊ කවිඳු නිර්මාල් (18) සහ ධීවර සංස්ථාවේ සේවකයකුවන එම් වී ලහිරු පුෂ්පකුමාර (22) නමැති ඥාති සෙහොයුරන් දෙදෙනෙකි.

ගාල්ල සමනළ ක්‍රිඩාංගණයේ පැවැති සංගීත සන්දර්ශනයක් නරඹා පෙරේදා (31) අලුයම මිය ගිය තරුණයන් දෙදෙනා ගාල්ලේ සිට පින්නදුව පිවිසුම් මාර්ගයේ යතුරුපැදි දෙකකින් යමින් සිටින විට මෙසේ අනතුරට ලක්ව තිබේ.

උනවටුන සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි විදේශිකයකු රැගෙන මෙම මෝටර් රථය කටුනායක ගුවන් තොටුපොල බලා ධාවනය වෙමින් තිබිය දී අනතුර සිදුවී ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙලිවී ඇත.

අනතුරින් තුවාල ලැබු මෝටර් රථයේ රියදුරු පොළොන්නරුව ගම්පිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද වාර්තාවේ. මෝටර් රථයේ රියදුරුට නින්ද ගොස් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. අක්මිමණ පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

දකුණු පළාත් සංචාරක එස්. දියගහගේ

නව අදහස දක්වන්න