අඩු ආදයම්ලාභී පවුල්වල දරුදැරියන් 75කට නොමිලේ පොත්පත්

 

ඒ.එස්.බී.ආයතනයේ කළමනාකාරීත්වය විසින් පාසල් දරු දැරියන් 5000 කට විශ්ව විද්‍යාලය තෙක් අධ්‍යාපනය හැදෑරීමට අතහිත දීමේ සද්කාර්යයක් අරඹා ඇත. ඒ.එස්.බී.ආයතනයේ නිර්මාතෘ ජයසිරිද සිල්වා මහතාගේ හදිසි අභාවයත් සමඟම ඒ මහතාට පින් පැමිණවීමත් උගත් නැණවත් පරිත්‍යාගශීලි සමාජයක්ගොඩ නැඟීම අරඹයා ජයසිරිද සිල්වා මහතාගේ බිරිය වන ඒ.එස්.බී ආයතනයේ සභාපතිනි පී.කේ.ඩී.ජීවන්ති මහත්මිය විසින් මෙම උදාර කටයුත්ත අරැඹන ලදී.

අධ්‍යාපනය සඳහා දක්ෂතා ඇති එහෙත් දුප්පත්කම ඉදිරියේ තම අධ්‍යාපනයට විරාමයක් තැබූ දුප්පත් පවුල්වල පාසල් සිසුන් ඉලක්ක කර දිවයිනේ සියලුම ඒ.එස්.බී.ආයතන ශාඛා නියෝජනය වන පරිදි මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇත. පාසලේ 5 වැනි වසරේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තෙක් පොත්පත් සහ වියදම් සපයමින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

කළුතර වස්කඩුව රාජගුරු ශ්‍රී විභූති මහා විහාරයේ විහාරාධිපති වස්කඩුවේ මහින්දානන්ද හිමි පාණන්ගේ අනුශාසනයෙන් සහ ඒ.එස්.බී ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු ඩඩ්ලිද සිල්වා මෙහෙයුම් කළමනාකරු සුනිල් කුමාර , අධ්‍යක්ෂ අසංග ප්‍රසාද් මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් දිවයිනේ ඒ.එස්.බී ශාඛා 20 ක සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් සිදුවන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයේ එක් පියවරක් මාතර බෝධි පරිශ්‍රෙය්දී පැවැත්විණි.

එහිදී මාතර දිස්ත්‍රික්කයේ දුප්පත් පවුල්වල සිසු සිසුවියන් 75 ක් සඳහා පාසල් පොත් බෙදා දීම සහ පාසල් උපකරණ බෙදා දීම සිදුකැරිණි. මෙම අවස්ථාවට ඒ.එස්.බී.ආයතනයේ සභාපතිනි පී.කේ.ඩී.ජීවන්ති , මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරු , මාතර ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා , මාතර නගර සභාවේ හිටපු විපක්ෂ නායක උපුල් නිශාන්ත , මාතර වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහත්ම මහත්මීහු ඇතුළු ආයතනයේ කළමනාකාර මණ්ඩලයේ නිලධාරීහු සහභාගි වූහ.

මාතර සමූහ ඩබ්ලිව්.පී.ධර්මසේන
ඡායාරූප - මාතර සමූහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...