කතකගේ රු.225000ක් පැහැරගත් සැකකරුවෝ කළුතරදී දැලේ

 

බණ්ඩාරගම නගරයේදීරු.දෙලක්ෂ විසිපන්දාහක් සහිත කාන්තා බෑගය කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා සමඟ මෝටර් රථය 28 දා දහවල් කළුතර නගරයේදී අත් අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ විමර්ශණ ඒකකය පවසයි .

පසුගිය 22 දා බණ්ඩාරගම බැංකුවකින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගත් මහබෙල්ලන ප්‍රදේශයේ කාන්තාවක් ඇගේ සැමියා සමඟ පානදුර දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදි සුදු පාට මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් බණ්ඩාරගම පසුපිරි වෙළදසල අසලදී මොටර් රථයේ ගමන් කරමින්ම කාන්තා අත් බැගය කොල්ලකා පලාගොස් තිබිණි . පසුව එම බෑගය කුරුස හන්දිය , රුක්ගහතොටුපළ අසල දමා ගොස් තිබියදී බණ්ඩාරගම පොලිසිය විසින් සොයා ගත් අතර එහි බැංකුවෙන් ලබාගත් මුදලට අමතරව තිබු විසිපන්දාහක මුදලද සමඟ සියලුම මුදල් බැංකු පොත් සහ අනෙකුත් වටිනා ලිපිලේඛනද අස්ථානගතව තිබිණි .

කළුතර නගරයේ එම මෝටර් රථයට සමාන මෝටර් රථයක් සැක කටයුතු ලෙස සැරිසරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර මොවුන් කොල්ලය සිදු කළ සැකරුවන් බවට කරන ලද විමර්ෂණයේදි අනාවරණය වි තිබේ .

බැගයේ තිබු මුදල් වලින් එක් ලක්ෂ හැටදාහක මුදලක් පමණක් ඔවුන් සන්තකයේ ඉතිරි වි ඇති අතර ඉතිරි මුදල් වියදම් කර ඇති බව පොලිසිය පවසයි .

බෝධිය පාර , මිරිහාන , නුගේගොඩ හා මාවිත්තර , පිළියන්දල ප්‍රදේශ වල පදිංචිකරුවන් වන විසිහය හැවිරිදි වියේ පසුවෙන මෙම සැකකරුවන් දෙදෙනා සමඟ මුදල් හා මෝටර් රථය බණ්ඩාරගම පොලිසියට බාර දී ඇති අතර පානදුර අධිකරණයට ඉදිරිපත් කර හඳුනාගැනීමේ පෙරෙට්ටුවට යොමු කරන බව බණ්ඩාරගම පොලිසිය පවසයි .

කළුතර දිසා අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප සුනෙත් ශාන්ත මහතා ඇතුළු නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.

හල්තොට සමුහ විනිතා මානෙල් ගමගේ
ඡායාරූප හල්තොට සමුහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...