ගම්පහ පාසල් රිය නියාමකයන්ට සහතික පත් පිරිනැමූ දා | දිනමිණ

ගම්පහ පාසල් රිය නියාමකයන්ට සහතික පත් පිරිනැමූ දා

 

ගම්පහ පොලිසිය මඟින් මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම හා පාසල් රිය නියාමකයන්ට සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී පැවැත්විණි.

එහිදී රූපවාහිනී සංස්ථාව මඟින් සංවිධාන කළ “පරිස්සමෙන් ගිහින් එන්න” වැඩසටහනද ක්‍රියාත්මක වූ අතර එම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, ගම්පහ (ජ්‍යෙ. පො. අ) මුදිත පුස්සැල්ල, රථවාහන අංශයේ ස්ථානාධිපති (පො. ප) වසන්ත, (උ.පො.ප) ජයන්ත හා ගම්පහ වෙළෙඳ සංගමයේ සභාපති ගාමිණී මොරගොඩ මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

සටහන හා ඡායාරූපය
යක්කල විශේෂ රුවන් සමන්ත අධිකාරි 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...