නව වසරට ආසිරි පතා ගංගාරාමයට මහ පිරිස් | දිනමිණ

නව වසරට ආසිරි පතා ගංගාරාමයට මහ පිරිස්

 

2017 නව වසර සඳහා ආශිර්වාද ලබා ගැනීමට පෙරේදා (31) මධ්‍යම රාත්‍රි 12 සිට අතිවිශාල පිරිසක් කොළඹ හුණුපිටිය ගංගාරාමයට පැමිණ සිටියහ. ගංගාරාම විහාරාධිපති කොළඹ නව කොරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ හා අස්සජි හිමියන් ඇතුලු මහා සංඝරත්නය විහාරස්ථානයට පැමිණි බැතිමතුන්ට ආශිර්වාද කරනු දක්නට ලැබිණි.

ඉරිදා දිනයක් වූවද පසුගිය වසරට සාපේක්ෂව විශාල පිරිසක් විහාරස්ථානයට පැමිණි බව එහි විහාරාධිකාරි හිමියන් වහන්සේ නමක් දිනමිණට ප්‍රකාශ කළහ. පැමිණෙන අති විශාල ජනතාවට ආරක්ෂාව දෙමින් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ නිලධාරින් විශාල පිරිසක් එක්ව සිටියහ.

සුභාෂීණී සේනානායක
ඡායාරූපය-සමන් ශ්‍රී ෙවදගේ

නව අදහස දක්වන්න