විශ්වවිද්‍යාලයට එන සිසුනට පරිගණක දැනුම තිබුණත් ප්‍රමාණවත් තරම් ඉංග්‍රීසි දැනුමක් නෑ | දිනමිණ

විශ්වවිද්‍යාලයට එන සිසුනට පරිගණක දැනුම තිබුණත් ප්‍රමාණවත් තරම් ඉංග්‍රීසි දැනුමක් නෑ

 

ආචාර්ය සිසිර ද සිල්වා

විශ්වවිද්‍යාලවලට පිවිසෙන දරුවන් තුළ පරිගණක දැනුම ප්‍රමාණවත් තරම් තිබුණත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ෙනාමැති බව වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත් ධීවර හා පෝෂණ පීටයේ පීඨාධිපති ආචාර්ය සිසිර ද සිල්වා මහතා පවසයි.

අනාගතය වෙනුවෙන් සරිලන දරු පරම්පරාවක් බිහිකිරීමට පාසලේ කුමන විෂයයක් හැදෑරුවත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමද වර්ධනය කර ගැනීමට සිසුන් උනන්දු විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

වේයන්ගොඩ, බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 2015 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් එසේ කී ආචාර්යවරයා ව්‍යාවහාරික විද්‍යා පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලවල පහසුකම් තිබුණද එම විෂයයන් තෝරා ගැනීමට සිසුන් මැළිකමක් දක්වන බවද කීය.

නමුත් ව්‍යාවහාරික විෂයයන් හදාරා විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන්ට දේශීය හා විදේශීය වශයෙන් උසස් රැකියා අවස්ථා තිබෙන බවත් සිසුන් මේ පිළිබඳ දැනුවත් භාවයෙන් කටයුතු කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

 

නව අදහස දක්වන්න