රිය අනතුරකින් අයෙකු මරුට - 09කට තුවාල

කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ දී අද උදෑසන සිදු බස් රථ ලොරි රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

ඉන් දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරු ද වෙයි.

කොළඹ සිට මාතලේ බලා ධාවනය කල පුද්ගලික බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ ලොරි රථයේ රියදුරු වන අතර ඔහු අරණායක ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ක පුද්ගලයෙකි.

අනතුර පිලිබදව වැඩිදුර පරික්ෂණ කෑගල්ල පොලීසිය පවත්වයි.

(බුලත්කොහුපිටිය සමූහ - ඩබ්ලිව් රෝහණ)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...