සරත් කුමාර ගුණරත්න රිමාන්ඩ් - update

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ ගුණරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර හමුවට ඉදිරිපත් කරනු ලදුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට - update

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කලපුව සංවර්ධනය කිරීමට රජය විසින් ලබාදුන් මිලියන 11.2ක මුදලක් අවභාවිත කළැයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ. 

හිටපු ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න රහස් පොලිසිය විසින් මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් මීට පෙර උසාවියට ඉදිරිපත් කළ ධීවර නිලධරයෝ සිව් දෙනෙක් ඇප පිට මුදා හරිනු ලැබ සිටිති.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...