යුරෝපා සංගමය දකුණු ආසියා සංක්‍රමණික සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරයි | දිනමිණ

යුරෝපා සංගමය දකුණු ආසියා සංක්‍රමණික සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරයි

 යුරෝපා සංගමයේ නේපාල සහ සාර්ක් තානාපතිනී රෙන්සේ ටීරින්ක් මෙනවිය සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත සහ ජාතික සැලසුම් කොමිසමේ සාමාජික ආචාර්ය ස්වර්ණිම් වේග්ල්, සාර්ක් මහලේකම් කාර්යාලයීය අධ්‍යක්ෂිකා රීටා ධීතල් මෙනවිය සහ යුරෝපා සංගමයේ ඉන්දීය, පකිස්තාන, බංග්ලාදේශ නියෝජිතයෝ සහ සැසි සාමාජිකයෝ

 

දකුණු ආසියා කලාපයේ සංක්‍රමණික සේවකයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ සාකච්ඡාවට ලක් කරමින් යුරෝපා සංගමයේ නේපාල නියෝජිත මණ්ඩලය විසින් පසුගිය දා කලාපීය සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය. ‘දකුණු ආසියාව තුළ කම්කරු සංක්‍රමණය පහසු කිරීම සහ සුරක්ෂිත කිරීම’ යන මැයෙන් එම සම්මන්ත්‍රණය කත්මණ්ඩු නගරයේ දී පැවැත්විණි.

රජයේ ආයතන, වෙනත් ආයතන, සිවිල් සමාජ, ජනමාධ්‍ය, සංක්‍රමණික සමිති, පෞද්ගලික අංශය, ජාත්‍යන්තර ප්‍රජාව, සාර්ක් මහලේකම් කාර්යාලය මෙන්ම ඉන්දීය, පාකිස්තාන සහ බංග්ලාදේශ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩල ද නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.

දකුණු සහ අග්නිදිග ආසියා කලාපය තුළ මෙන්ම යුරෝපා සංගමයේ තෝරා ගත් රාජ්‍ය අතර ද කම්කරු සංක්‍රමණය කළමනාකරණය සඳහා පහසුකම් සැපයීමේ අරමුණ පෙරදැරිව යුරෝපා සංගමය වැඩසටහන් රැසක් සඳහා අරමුදල් ලබා දෙයි. එමෙන්ම, සංක්‍රමණය සහ සංචලතාව සඳහා වන ගෝලීය ප්‍රවේශයට අනුකූලව අඛණ්ඩ ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් ඇති කිරීම ද යුරෝපා සංගමය කැප වෙයි.

අත්දැකීම් බෙදාහදා ගැනීමේ වැඩසටහනක් ද මේ සම්මන්ත්‍රණයේ දී ක්‍රියාත්මක කෙරුණු අතර ඊට අමතරව සංක්‍රමණය පිළිබඳ යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති සහ දකුණු ආසියානු කලාපය තුළ යුරෝපා සංගමය දියත් කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳ සාරාංශයක් ද මෙහි දී ඉදිරිපත් කෙරිණි.

 

නව අදහස දක්වන්න