සිංගර් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට | දිනමිණ

සිංගර් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට

 

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මඟින් සිංගර් ආයතනය මේ වසරේදීත් දිවයිනේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් අතර ප්‍රමුඛ ආයතනයක් ලෙස නම් කර ඇත. එමෙන්ම ව්‍යාපාර අංශයේ වසරේ හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය මෙන්ම ‘සිංගර් සූප ශාස්ත්‍ර’ වැඩසටහන වෙනුවෙන් කුසලතා සහතිකයක් ද සිංගර් විසින් දිනා ගන්නා ලදී.

මේ සම්මාන උළෙලේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමත්, මිහිකත, මානව සම්පත, ලාභය යන තුන් ආකාර මූලිකාංගයන් වෙත අවධානය යොමුකරමින් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ව්‍යාපාර ආයතන මෙහෙය වීමයි.

කාර්යක්ෂම ලෙස සම්පත් භාවිතය, අවම පරිසර දූෂණය, සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂණය, පාරිභෝගිකයන් සහ අනෙකුත් සියලු ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය මෙන්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ දී නිසි භාවිතාවන්, ක්‍රියාවලියන් සහ මෙහෙයුම් පද්ධති පවත්වා ගැනීම යනාදී අංශ කෙරෙහි අවධානය යොමු කරමින් මේ ‘විශිෂ්ටතම ආයතනික පුරවැසි’ සම්මාන පිරිනැමේ.

ව්‍යාපාරික භාවිතාවන් සහ මෙහෙයුම් කටයුතු සියල්ලක්ම සමස්ත සමාජය සඳහා වන වගකීමක් ලෙස හඳුනා ගතයුතු බව සිංගර් ආයතනයේ විශ්වාසයයි. සිංගර් ආයතනය සමස්ත සමාජය සඳහා තම ආයතනික වගකීම ඉටු කරනු වස් විවිධ ව්‍යාපෘතීන් දියත් කරන අතර එම ව්‍යාපෘතින් සඳහා අදහස් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සිංගර් ආයතන සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් ආයතනයේ සියලුම සේවක සේවිකාවන් හට ලබා දී ඇත. එම අදහස් හි ප්‍රායෝගිකභාවය සලකා බැලීමෙන් අනතුරුව ඒවා ක්‍රියාවට නැඟෙයි.

නව අදහස දක්වන්න