ඩේවිඩ් වෝනර්ගේ ශතකය ඉතිහාසයට | දිනමිණ

ඩේවිඩ් වෝනර්ගේ ශතකය ඉතිහාසයට

ටෙස්ට් තරගයක පළමු දිනයේදී දිවා ආහාරයට පෙර ශතකයක් වාර්තා කළ ලෝකයේ පස්වැනි ක්‍රීඩකයා බවට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් අද පත්ව තිබේ.

ඒ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද දිනයේදීය.

තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඔහු පන්දු 78කින් ශතකයක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටු වීය.

තරගයේ පළමු දිනයේදී දිවා ආහාරයට පෙර වෝනර් මෙම දක්ෂතාව දැක්වූ අතර දිවා ආහාරයෙන් පසුව ඔහු ලකුණු 113ට දැවී ගියේය.

දිවා ආහාරයට තරගය නිමා කිරීමට විනාඩි 04ක් ඉතිරිව තිබිය දී ඔහු මෙම දක්ෂතාව දැක්වීය. 

මීට ඉහතදී පාකිස්තානයේ මජීඩ් ඛාන්, ඔස්ට්‍රේලියාවේ චාර්ල්ස් මැකර්ට්නේ, ඔස්ට්‍රේලියාවේ වික්ටර් ට්‍රම්පර් හා ඔස්ට්‍රේලියාවේම ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මෙම දක්ෂතාව දක්වා තිබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...