විශේෂ විධිවිධාන පනත ගැන ජනපති සමඟ සාකච්ඡාවක් | දිනමිණ

විශේෂ විධිවිධාන පනත ගැන ජනපති සමඟ සාකච්ඡාවක්

කමනි අල්විස්

එජාප පසු පෙළ මන්ත්‍රීවරු පෙරට එති

සංවර්ධන විශේෂ විධිවිධාන පනතට පළාත් සභාවල සහාය ලබානොදීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් තීරණයකර තිබේ.

පළාත් සභා බහුතර බලය පවතින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුව වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි පිරිසක් පළාත් සභා නියෝජනය කරන බැවින් ජනාධිපතිතුමා සමඟ මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වීමට මන්ත්‍රීවරු අදහස් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි මහත්වරු ඊයේ (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී මේ බව පැවැසීය.

පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කරයි.

වර්ණසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ(29) බත්තරමුල්ල ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

අතීතයේ ජයවර්ධන ජනාධිපතිවරයා මහ කොළඹ ආර්ථික කොමිෂම ඇරඹීම නිසා ආර්ථිකයේ විශාල වෙනසක් ඇතිවූ බවද පැවසූ වර්ණසිංහ මහතා වර්තමානයේ සුපර්මෑන් ඇමැතිකම් පිළිබඳ කතා කරන ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට එදා බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් දුටුවිට කකුල් වෙව්ලූ බවද පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධායක වරයා-

සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පිළිබඳව රට තුළ විශේෂ කතා බහක් ඇතිවෙමින් තිබෙනවා. පළාත් සභා ගණනාවකින් එය පරාජයට පත් වුණා. බස්නාහිර පළාත් සභාවෙන්ද ප්‍රතික්ෂේප වුණා. මේ තත්ත්වය කනගාටුදායක දෙයක් ලෙසයි අප දකින්නෙ.

මේ පනත් කෙටුම්පත රටේ නායකයින් දෙදෙනා අනුමත කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සහභාගි වු ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබූ දෙයක්. මේ පනත් කෙටුම්පතේ එකඟ වෙන්න බැරි කාරණා තිබෙනවා නම් ඒ පිළිබඳ කරුණු අදහස් දැක්විය යුතුව තිබුණේ කැබිනට් මණ්ඩලයේදී.

මේ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන වේලාවේ පාඨලී ඇමැතිවරයාත් එහි සිටියා. එහිදී තම අමාත්‍යාංශය පිළිබඳ පනත් කෙටුම්පතේ තිබෙන ගැටළු වලට ඇමැතිවරයා පිළිතුරු ලබා ගත්තා. පනත් කෙටුම්පත පිළිබඳ ගැටළු ඇති වුණේ දේශපාලන වශයෙන් දූරදර්ශීව කටයුතු නොකළ නිසා.

අප මේ පනත් කෙටුම්පත පිළිබඳ බස්නාහිර පළාත් සභාවේදි පැහැදිලිව ප්‍රකාශ කළා. පළාත් සභා තුළ විවාදයට ගන්නේ නැතිව ඡන්ද විමසීමකට ලක් කරන්නේ නැතිව නැවත වතාවක් ආණ්ඩුකාරවරයාට මේක හරවා යවන්න කියන එක තමයි අපේ යෝජනාව වූයේ. පසුව එහි අඩුපාඩු සකසා පළාත් සභාවට ගෙන ආ යුතු බව. හැබැයි විවාදයකට ගන්නවා නම් එහිදි ජාතික හෙළ උරුමය ඡන්දය ලබාදීමෙන් වැලකී සිටිනවා කියා ප්‍රකාශ කළා.

පැහැදිලි එකඟතාවයකින් තොරව මෙවැනි පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ යුතුයි. ගැටළු ඇතිවුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවට හානි පැමිණවිය හැකියි. පසුගියදා අගමැතිවරයා හා මහ ඇමැතිවරුන් අතර පැවැති හමුවේදි අගමැතිවරයා පනත් කෙටුම්පතේ අඩුපාඩු සකසා ගත යුතු බව ප්‍රකාශ කර තිබුණා. 

නව අදහස දක්වන්න