බලයට ලොල් වූ ආකල්පයෙන් මිදී රට නංවන්න දායක වෙන්න | දිනමිණ

බලයට ලොල් වූ ආකල්පයෙන් මිදී රට නංවන්න දායක වෙන්න

නිරුෂි විමලවීර

බලයට ලොල් වී දේශපාලන ඉලක්ක සපුරා ගැනීමේ පටු ආකල්ප වලින් මිදී රට ගොඩනැගීමට ක්‍රියා කරන ලෙසත් සංහිඳියාව ශක්තිමත් කිරීමෙන් සංවර්ධන ගමන් මඟට දායකවන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

සෑම පුරවැසියෙකුම මාතෘභූමිය වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම ඉටු කිරීම පෙළ ගැසෙනා ලෙසද ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොළඹ කොටුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ(02)පැවැති තිරසර යුගයක් ජාතික වැඩපිළිවෙළ ජනගත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා“

බලයේ සිටින අය බලය තහවුරු කර ගැනීම හෝ බලයට ඒමට සිටින අය බලය ඉලක්ක කරගෙන වැඩ කිරීම අද දවසේ මේ රටට අවශ්‍ය කාරණය නොවෙයි.

අද දවසේ මේ රටට අවශ්‍ය වන්නේ රටේ සිටින සෑම කෙනෙක්ම සහෝදරත්වයික්, බැඳීමකින් හා හික්මීමකින් මේ උතුම් රට ඉදිරියට ගෙන යාමට සියලූදෙනා එකට එක්වී කටයුතු කිරීමයි. එහිදී ජාතික සංහිඳියාව ඉතාමත් වැදගත් වෙනවා. තිරසර සංවර්ධනයක් සඳහා ජාතින් අතර සමඟිය, ජාතින් අතර සහෝදරත්වය, මිත්‍රශීලිභාවය ඉතාමත් අත්‍යාවශ්‍යවෙනවා. ජනතාව තුළ තිබිය යුතු ඒ බැඳීම සහ විශ්වාසය තුළ අපේ රට ගොඩනැගීමට හැකියාව තිබෙනවා.

තිරසර සංවර්ධනයේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ස්වභාවික සම්පත් පෝෂණය කරමින්, ආරක්ෂා කරමින් , සුරක්ෂිත කරමින්, වර්ධනය කරමින් භෞතික සම්පත් සංවර්ධනය කරා යන්නේ කෙසේද කියන අභියෝගයට අප ලෝකයේ සියලූම රටවල් මුහුණ දී තිබෙනවා යැයිද“සඳහන් කළේය. 

 

නව අදහස දක්වන්න