තිරසාර සංවර්ධනයට කමිටුවක් පත් කළ ලොව එකම රට ශ්‍රී ලංකාව | දිනමිණ

තිරසාර සංවර්ධනයට කමිටුවක් පත් කළ ලොව එකම රට ශ්‍රී ලංකාව

නිරුෂි විමලවීර

පරිසර සංරක්ෂණයට, තිරසර සංවර්ධනය සඳහා කමිටුවක් පත් කර තිබෙන ලෝකයේ එකම රට ශ්‍රීලංකාව බවත් පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් කැප වීම් සිදු නොකළ හොත් රටේ අනාගතය ඛේදනීය ඉරණමකට ගොදුරු විය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එකිනෙකා අතර විවිධ වූ විෂම අදහස් පැවැතිය ද ජාතික සංවර්ධන කාර්යයේදී රට ඉදිරියට ගෙන යෑමට එක්ව ක්‍රියා කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාතවරයා එසේ සඳහන් කළේ කොළඹ කොටුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ(02)පැවැති තිරසර යුගයක් ජාතික වැඩපිළිවෙළ ජනගත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා“ කඩා වැටී තිබෙන ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවා මේ රටේ මධ්‍යපාන්තිකයන්ට ආර්ථික මාර්ග ඇති කිරීම සහ පුළුල් මධ්‍යම පන්තියක් ඇති කිරීම සදහා ආර්ථිකය වර්ධනය කිරීම මෙහි තවත් අරමුණක්.

පසුගිය කාලයේ ලෝකයේ හොඳම අධ්‍යාපනයක් තිබූ රටක් ලෙස අපේ රට හැඳින්වුවද වර්තමානයේ අධ්‍යාපනයේ යම් යම් ගැටලු තිබෙනවා. සෞඛ්‍ය දියුණූ කිරීමත්, අපේ කාන්තාවන්ට මුල් තැන දීම ආදී මුලික කරුණු කිහිපයක් කෙරේ අවධානය යොමු කර තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ සමබර සංවර්ධනයකට අලුත් කමිටු ඇති කර අලුත් බලතල ලබා දී තිබෙනවා. මේ වැඩපිළිවෙළ සමස්ථ රටටම ගෙන යෑම සඳහා පළාත් සභා ඇතුළු අනෙක් අංශ වලට ගෙන යෑම සැලසුම් කර තිබෙනවා. මේ වැඩසටහනේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. හැම දෙයක්ම බලා ජනාධිපති තුමා අපි සියලු දෙනා එක්වී 2030 වසරේදී එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණ ඉටු කර ගැනීමේ ශ්‍රී ලංකාවට අදාළ සංකල්පය අද අප ඉදිරිපත් කළා. එබැවින් තිර සර යුගයට යෑමට ආණ්ඩුව කැපවී සිටිනවා. ' යනුවෙන් අනාවරණය කළේය. 

නව අදහස දක්වන්න