කැලණිය දුරුතු මහා පූජෝත්සවයේ අවසන් ධර්ම දේශනාව හෙට | දිනමිණ

කැලණිය දුරුතු මහා පූජෝත්සවයේ අවසන් ධර්ම දේශනාව හෙට

 ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය කේන්ද්‍රකොට පවත්වන ධර්ම දේශනා පින්කම් මාලාවේ අවසාන ධර්ම දේශනා පින්කම 4දා ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයේ සංවිධාන ශක්තියෙන් පවත්වනු ලබයි. දර්ශනීය පෙරහරකින් විහාරභූමිය වටා බුද්ධ පූජාව රැගත් පෙරහර වීථි සංචාරය කර පස්වරු 6ට පමණ විහාර භූමියට ඇතුළුවේ. නර්තන කණ්ඩායම් 30කින් අලි ඇතුන්ගෙන් පෙරහර අලංකාර වන අතර එදින රාත්‍රී ධර්ම දේශනය විචිත්‍ර ධර්ම කථික උඩුවේ ධම්මාලෝක නාහිමියන් විසින් පවත්වයි. ධර්ම දේශනය අවසානයේ රාත්‍රී 8.00ට මල්වෙඩි සංදර්ශනයක් ද පැවැත්වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...