කුලියාපිටිය වෙනස් වෙන්නේ මෙහෙමයි

යහපාලන රජයේ තවත් පොරොන්දුවක් මල් ඵල ගන්වමින් අද  (03) කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී මුල්ගල තැබෙන වාහන එකලස්කිරීමේ කර්මාන්ත ශාලාව හේතුවෙන් කුලියාපිටිය ප්‍රදේශයේ ඉඩම් මිල ඉහල යාම, නවාතැන්  පහසුකම් සැපයීම සඳහා ගොඩනැගිලි ඉදිකිරිම වැනි සංවර්ධන ව්‍යාපෘති ආරම්භවී ප්‍රදේශය මහත් පිබිදීමක් ඇතිවී තිබෙන බව එහි නිරීක්ෂණ චාරිකාවක නිරත අපට දැක ගත හැකි විය.
 
එසේම අක්කර තිහක පමණ භූමියක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඩොලර් මිලියන විසිහයයි දශම පහක ආයෝජනයකින් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය නිසා කුලියාපිටිය ප්‍රදේශයේ ජනතාව  මහත් උද්දාමයට පත්ව සිටිති.
 
ඔවුන් පවසන්නේ දැන් තමන්ට රැකියා සොයමින් අතන මෙතන යන්නට අවශ්‍ය නැති බවයි.
 
පළමු වරට යුරෝපීය මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් ශ්‍රී ලංකාවේ කුලියාපිටිය පුරවරයට ලැබීමත් සමග තමන්ගේ අගය වැඩිවී තමන්ට හොඳ පිළිගැනීමක් අතමිට සරුවෙමින් අනාගත බලාපොරොත්තු මල්ඵල ගැන්වීම ගැන රජයටත් ඇමැති අකිල විරාජ්  කාරියවසම් මහතාටත් ජනතාව සුභාශිංසන කරති.
 
මේ කර්මාන්ත ශාලාව පැමිණීමත් සමග නවාතැන් පහසුකම් සැපයීමට නවාතැන් පොළවල් ඉදි කිරිම, ආපන ශාලා ඉදිකිරිම හා ඒ ආශ්‍රිත රැකියා සදහා සුදානම්වන අයුරු අපටද දැක ගත හැකි විය.
 

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...