ලක්ෂ 35ක දුම්වැටි රාජසන්තකයි

විදේශීය සිගරට් තොගයක් නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රි ලංකා ජාතිකයන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම දැක්වෙන්නේ රුපියල් ලක්ෂ 35ක් ලෙසයි.

ඔවුන් සන්තකයේ තිබූ සිගරට් 7000ක් පමණ අත්අඩංගුවට ගැනීමට රේගුව සමත්ව ඇති අතර කොළඹ පදිංචි මෙම සැකකරුවන් තිදෙනා අද අලුයම ඩුබායි සිට දිවයිනට පැමිණ තිබේ.

සිගරට් තොගය රාජ සන්තක කළ රේගුව සැකකරුවන්ට රුපියල් ලක්ෂ 2.5ක දඩයක්ද පැනවීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...