ලොතරැයිපත් මිල ඉහළ දැමීමට විරුද්ධව උද්ඝෝෂණ | දිනමිණ

ලොතරැයිපත් මිල ඉහළ දැමීමට විරුද්ධව උද්ඝෝෂණ

රුපියල් 20 ලොතරැයිපත රුපියල් 30 දක්වා ඉහළ දැමීමට විරුද්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ උද්ඝෝෂණයක් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදු කරනු ලැබීය.ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික වකුගඩු නිවාරණ අරමුදල මගින් ජනාධිපති අරමුදල ඇතුළු අවශ්‍යතා සඳහා පසුගිය වසරේ රුපියල් බිලියන 16.67 රජයට ලබාදී ඇතත් ලොතරැයි නියෝජිතයන් සේවකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නැති බවත් රු.20 ලොතරැයිය රුපියල් 30ක් කිරීමෙන් අලෙවිය සම්පූර්ණයෙන් නතර වනු බවත්, මේ නිසා අලෙවිකරුවන් ආර්ථික අමාරුකම්වලට මුහුණුපාන බවත් උද්ඝෝෂකයෝ පවසති. ලොතරැයි අලෙවිකරුවන් ආබාධිත අලෙවිකරුවන් පිරිසක්ද උද්ඝෝෂණයට සහභාගී වි සිටිය අතර විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණකරුවෝ පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ. 

බූස්ස සමූහ - දේව දෙව්නිස් ද සිල්වා

නව අදහස දක්වන්න