රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ නාම පුවරු කඩා දමලා | දිනමිණ

රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ නාම පුවරු කඩා දමලා

රඹුක්කන උතුර සමුහ විපුල එස් කුමාරතුංග
නාම පුවරු ගලවා ඇති අයුරු

රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන ප්‍රධාන නගරයත්,කිරිවල්ලාපිටිය උප නගරයත් අතර,කොටස කාපට්කර සංවර්ධනය කිරීමේදී එම මාර්ගය දෙපස සවිකර තිබු විශාල නාම පුවරු කඩා තැන තැන බිමදමා තිබෙනු දක්නට ලැබේ.

දැනට මාස පහක පමණ කාලයක සිට කාපට්කර සංවර්ධනය කෙරෙන මෙම මාර්ගයේ දියසුන්නත හංදිය අසල සවිකර තිබු “I.C.A ළමා ගම්මානය රඹුක්කන,,නාම පුවරුව ගලවා එම ස්ථානයේ සේ තබා තිබෙන අතර, එහි අනෙක් පස තිබු මැතිවරණ නිවාස 5,10.20 වශයෙන් සඳහන්ව තිබු කොන්ක්‍රීට් නාම පුවරුව සවිකර තිබු කොන්ක්‍රීට් කණු දෙක කඩා නාම පුවරුව එම ස්ථානයේ බිම දමා තිබේ.

බෙලිගොඩ පිටිය පාර යැයි භාෂා තුනෙන්ම සඳහන්ව තිබු නාම පුවරුවද එම ස්ථානයේ දුම්රිය මාර්ඟය අයිනට විසිකර තිබෙනු දක්නට ලැබේ.

මාර්ගය සංවර්ධනය කිරීමේදී මෙවැනි නාමපුවරු කඩා ඉවත් කළ යුතු වුවද ඒවා ක්‍රමාණුකූලව ගලවා ඉවත් කරනවා වෙනුවට මෙලෙස අසෝබන ලෙස මාර්ගය අයිනේ කඩා දැමිම කාලෝච්තනොවන බව පවසති.

නව අදහස දක්වන්න